නව මිල ගණන් යටතේ මාස් කන්නයේ වයඹ පලාත් වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය මගින් ගබඩා මධ්‍යස්ථාන 08 කදී ආරම්භ කල බව වයඹ පලාත් බාර ප්‍රාදේශීය කළමනාකාර රසිත වෙරංග මහතා අද (08දා) පැවසීය .
ඒ අනුව නව මිල ගණන් වන නාඩු කිලෝව රුපියල් 90ද,සම්බා කිලෝව රුපියල් 92ද කීරි සම්බා කිලෝව රුපියල් 95 ද ලෙස වී මිලදී ගැනීම් සිදු කෙරෙන බවද ,ඊට අමතරව ගොවීන්ට ප්‍රවාහන ගාස්තු ලෙස වී කිලෝවකට රුපියල් දෙකක මුදලක් ලබා දෙන බවද,උපරිම තෙත බර සියයට 14 ක් ලෙස බවද පළාත් භාර ප්‍රාදේශීය කළමනාකාර වරයා සඳහන් කළේය.
නිකවැරටිය ,මහව, ගල්ගමුව ,වරාවැව ,මීගලෑව ,ගැට්ටුවාන,හිරිපිටිය, මාඑලිය යන ප්‍රධාන ගබඩා මධ්‍යස්ථාන 08 මගින් මෙවර මාස් කන්නයේ වී මිලදී ගැණීම සිදු කරණ බවද ගොවීන් ගෙන් ලැබෙන සියලු වී තොග නව මිල ගණන් යටතේ මිලදී ගන්නා බවද ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබී තිබෙන අතර , ,අවශ්‍ය ගබඩා ධාරිතාවයද සපුරා ඇති බවද වෙරංග මහතා පැවසීය.
කුරුණෑගල ,පුත්තලම දිස්ත්‍රික්ක ඇතුලුව වයඹ කලාපයෙන් මේ වන විට වි කිලෝ ලක්ෂ 23 ක වී ප්‍රමාණයක් ගොවීන් ගෙන් මිලදී ගෙන ඇති බවද , තව දුරටත් ඉතා සාර්ථකව වී මිලදී ගැනීම් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද. වී අලෙවි මණ්ඩලයේ ,වයඹ කලාප භාර ප්‍රාදේශීය කළමනාකාර රසිත වෙරංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
නිකවැරටිය ප්‍රියානි මංගලිකා

