කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා තෙවැනි මාත්‍රාව ලබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය. කැබිනට් තීරණය දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ ඔමික්‍රෝන් ශ්‍රී ලංකාව තුළ වේගයෙන් පැතිර ගියත් සංකූලතා අඩුවී ඇත්තේ ජනතාව මාත්‍රා දෙකම ලබාගෙන ඇති නිසා බවයි.
තෙවැනි මාත්‍රාව ලබාදීමට අවශ්‍ය ෆයිසර් එන්නත් තොගය මේ වන විටත් රටට ගෙන්වා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.