රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු , අයිස් මත්ද්‍රව්‍ය , කේරල ගංජා සහ මත්පෙති තොගයක්, ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථ දෙකක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු ඊයේ (07දා) රාත්‍රී අත්අඩංගුවට ගත්බව පානදුර , වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි .
වාද්දුව පොලිස් බළප්‍රදේශයේ පොලිස් කණ්ඩායම් හතරක් යොදා කල විශේෂ වැටලීම් වලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ,පින්වත්ත ,අළුබෝමුල්ල සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 22,35, 38 සහ 47 වියැති පුද්ගලයින් බව පොලිසිය පැවසීය.
පළමු සැකකරු සතුව කේරළ ගංජා කිලෝ 2 ක් සහ මත්පෙති 5930 ක්, දෙවන සැකකරු සතුව අයිස් ග්‍රෑම් 50 ක්, තුන්වන සැකකරු සන්තකයේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 100 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150 ක්ද, සිව්වන සැකකරු සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 50 ක් සහ අයිස් ග්‍රෑම් 14 ක්ද සොයාගෙන ප්‍රවාහනය සදහා යොදාගත් මෝටර් රථ දෙකක් සහ ජාවාරම සදහා යොදාගත් ජංගම දුරකථන ද පොලිස් භාරයට ගෙන තිබේ.
පළමු සැකකරු පින්වත්ත ප්‍රදේශයේ නිවසක් මාසිකව රුපියල් තිස්දහසක කුලී මුදලකට ලබාගෙන මල්පෝච්චි ව්‍යාපාරයක් සිදුකරන මුවාවෙන් ජාවාරම සිදුකර ඇති බවට තහවුරුව ඇතැයිද වැටලීමට එක්වූ නිලධාරීයෙක් පැවසීය .
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .
අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර , ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් ප්‍රපොප මහේන්ද්‍රන් , පොප සම්පත් , උප පොලිස් පරීක්ෂක වරුන්වන සදරුවන් , ප්‍රේමලාල් , ජයලත් සහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සැරයන් ජයරත්න (42520), ජයලාල් (428) , කොස්තාපල්වරුන් වන සම්පත් (74313), අමිල (92905), ජීවන් (80182) සහ ජයසිංහ (97725) ඇතුළු පොලිස් කණ්ඩායම් හතරක් වැටලීමට එක්වූහ .
පානදුර සුමිත් පොතුපිටිය