එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීම මධ්‍යයේ ගෝලීය මූල්‍ය වත්කම් මිල සාමාන්‍යයෙන් පහත වැටුණු හෙයින්, චීනයේ විදේශ විනිමය සංචිත ජනවාරි මාසයේදී පහත වැටුණු බව විදේශ විනිමය පිළිබඳ රාජ්‍ය පරිපාලනයේ (SAFE) දත්ත සඳුදා පෙන්වා දුන්නේය.
චීනයේ විදේශ විනිමය 2021 අවසානයේ සිට එක්සත් ජනපද ඩොලර් බිලියන 28.5 කින් හෝ සියයට 0.88 කින් පහත වැටී ජනවාරි අග වන විට එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 3.2216 ක් විය.
"ජනවාරි මාසයේදී විදේශ විනිමය වෙළෙඳපොළ ස්ථාවර ක්‍රියාකාරිත්වයක් පවත්වා ගෙන ගොස් තිබෙනවා. විදේශ විනිමය සඳහා දේශීය සැපයුම සහ ඉල්ලුම මූලික වශයෙන් සමතුලිතව පවතිනවි" යැය් දත්ත පිළිබඳව අදහස් දක්වමින් SAFE නියෝජ්‍ය ප්‍රධානී වැන්ග් චුනින්ග් පැවසීය.
එක්සත් ජනපද ඩොලරයේ දර්ශකය ඉහළ යාමට සහ වත්කම් මිලෙහි වෙනස්වීම් වලට දායක වූ ප්‍රධාන ආර්ථිකයන්හි මුදල් ප්‍රතිපත්ති අපේක්ෂාවන්, භූ දේශපාලනික සහ සාර්ව ආර්ථික දත්ත වැනි සාධකවල බලපෑම හේතුවෙන් මෙසේ සංචිත පහළ වැටුණ බව වැන්ග් හේතු දක්වමින් පැවැසීය.
COVID-19 වසංගතය මධ්‍යයේ බාහිර අවිනිශ්චිතතාවයන් සහ ගෝලීය මූල්‍ය වෙළඳපොල නිරන්තර වෙනස්වීම්වලට භාජනය වෙමින් තිබියදීත්, චීනයේ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව විශාල විභවයන් සහ ශක්තිමත් දිගු කාලීන මූලධර්ම සමඟ ශක්තිමත්ව පැවතින බවත් එය රටේ විදේශ විනිමය ආපසු හැරවීමේ ස්ථාවරත්වය සඳහා ශක්තිමත් සහයක් ලබා දෙනු ඇති බවත් වැන්ග් පැවසීය.