මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින අධික වියළි කාලගුණයත් සමග බගවන්තලාව සහ හැටන් දික්ඔය ප්‍රදේශයේ රක්ෂිත දෙකක ගිනි තැබිම් දෙකක් අද (08දා) සිදු වි ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් වත්තට පහලින් කෙසෙල්ගමු ඔයට ආසන්නයේ පිහිටි තෙත්බිම් කලාපයක හටගත් ගින්නකින් අක්කර 03ක පමණ රක්ෂිතයේ කොටසක් ගිනිගෙන විනාශ වී ඇත.
මේ අතර කාසල්රි ජලාශයට මායිම්ව පිහිටි හැටන් වනරාජා වත්ත පහල කොටසේ ඉලුක් සහිත රක්ෂිතයක හටගත් ගින්නකින් අක්කර 05ක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇත.
කාසල්රි ජලාශයට මායිම් පිහිටි එම රක්ෂිතගේ හටගත් ගින්න හේතුවෙන් වනරාජා වත්ත පහල කොටසේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගැනිම සදහා එම රක්ෂිතය හරහා ඇද තිබු ජල නල ද ගින්නෙන් විනාශ වී තිබේ.
ගිනි තැබිම් දෙකම අද (08දා) පස්වරුවේ හටගනෙ තිබු බවත්, කිසියම් පිරිසක් විසින් මෙම ගිනි තැබිම් සිදු කරන්නට ඇති බව ප්‍රදේශවාසින් පැවසීය.


