මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමුවැනි අදියරේ වැඩකටයුතු 2024 සැප්තැම්බර් 14වැනිදා වන විට අවසන් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (08දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර මෙම අධිවේගී මාර්ගයේ තෙවැනි අදියරේ වැඩකටයුතු 2020 දෙසැම්බර් 19වැනිදා ආරම්භ කළ බවත්, එහි පළමු කිලෝමීටර් 12ක කොටසේ ඉදිකිරීම් මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ දේශීය කොන්ත්‍රාත්කරුවන් විසින් සිදු කරන බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාඑහිදී වැඩිදුරටත් පැවසීය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු - මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතී. දෙවැනි අදියර 2022 ජනවාරි 15වැනිදා මහජනතාවට විවෘත කළා.පළමුවෙනි අදියරේ වැඩ කටයුතු 2024 සැප්තැම්බර් 14වැනිදා වන විට අවසන් කරනවා. තෙවැනි අදියරේ වැඩකටයුතු 2020 දෙසැම්බර් 19වැනිදා ආරම්භ කළා.මෙම අදියරේ පළවෙනි කිලෝමීටර් 12ක ඉදිකිරීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ දේශීය කොන්ත්‍රාත්කරුවන් විසින් සිදු කරමින් පවතී.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර - අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම් සම්බන්ධයෙන් රටේ ජනතාවගේ විශාල ප්‍රසාදයක් තිබෙනවා. ඒ වගේම කුරුණෑගල සිට දඹුල්ල දක්වා සහ උතුරු අධිවේගී මාර්ගය ඉදිකිරීම් සම්බන්ධව මේ වන විට වැඩපිළිවෙළක් සකස් කරලා තිබෙනවාද?
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු - අධිවේගී මාර්ගයේ තුන්වෙනි කොටසේ රඹුක්කන දක්වා අපි වැඩකටයුතු ආරම්භ කරලා තිබෙනවා. ඉතිරි කොටසේ වැඩ කටයුතු මේ වන විට ටෙන්ඩර් ක්‍රියාත්මක කරමින් යන්නේ. අපි විශ්වාස කරනවා ඊළඟ අවුරුදු එකහමාර තුළගලගෙදර දක්වා අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු අවසන් කරන්න හැකි වෙයි කියලා. ඒ වගේම දඹුල්ලටත් ඒක ක්‍රියාත්මක කරමින් යනවා.