කේරල ගංජා කිලෝ 06ක් හා ග්රෑම් 45ක් අලෙවිකිරීම සඳහා මෝටර් රථයකින් රැගෙන යමින් සිටියදී ඊයේ (07දා) අත්අඩංගුවට ගෙන ඇතැයි මිද්දෙනිය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ අංක 260/2 බතලවත්ත උලහිටියාව මිද්දෙනිය ලිපිනයේ පදිංචි ශාන්ත ජයවර්ධන නොහොත් බතල ශාන්ත යන අයයි.
ඔහු කලක සිට මහා පරිමාණයෙන් ගංජා ජාවාරම් කරුවකු වශයෙන් ප්රසිද්ධ පුද්ගලයකු බව පොලිසිය පවසයි .
සැකකරු වලස්මුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි .
මෙම සැකකරු වලාන දූෂණ මර්දන ඒකකයේ ප්රධාන පොලිස් පරීක්ෂක ප්රමුඛ නිළධාරීන් විසින් සංවිධානාත්මකව සිදුකරන ලද මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මිද්දෙනිය පොලිසියට බාරදී ඇත.
වලස්මුල්ල තිලක් මනම්පේරි සහ කසාගල අශෝක තිලකරත්න