ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම පාර්ලිමේන්තුවට
ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳ ජනවාරි 06 වැනිදා අත්සන් කළ ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා අද (08දා) කටයුතු කළේය.
මෙම තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳ ගිවිසුම ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ලංකා ඛණිජතෙල් සංස්ථාව, ලංකා අයි.ඕ.සී සමාගම සහ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමග අත්සන් කර තිබෙන බව එහිදී අමාත්‍යවරයා පැවසීය.
මීට අමතරව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් සකස් කළ %තෙල් ටැංකි යලි රටට^ යන වාර්ථාවද අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එම අවස්ථාවේදී අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා මෙලෙස අදහස් පළ කළේය.
&ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ලංකා ඛණිජතෙල් සංස්ථාව, ලංකා අයි.ඕ.සී සමාගම සහ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමග 2022 ජනවාරි 06 වැනි දින අත්සන් කළ ගිවිසුම එහි සියලුම ඇමණුම් සහිතව සභාගත කරමි. ඒ වගේම ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳ සිංහල, ඉංග්‍රීසි, දෙමළ යන භාෂා තුනෙන්ම සකස් කළ තෙල් ටැංකි යලි රටට යන වාර්ථාව මම ඉදිරිපත් කරමි. *
popular news
-
Demuni Uduwara Tuesday, 08 February 2022 11:29 AM
Sooner or later Sri Lanka will become a colony!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

