ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඞ් සහ දාම් බෝඞ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් කී‍්‍රඩා සංගම් වලට බෙදා දී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩුවක් කළ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ හිටපු ස.තො.ස. ගබඩා පාලකවරයාට එරෙහි නඩුව පවත්වාගෙන යන්නේද? ඉවත්කරගන්නේද? යන්න ලබන 25 වැනිදා දැනුම් දෙන ලෙස විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අල්ලස් කොමිසමට අද (09දා) නියම කළේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අල්ලස් කොමිෂන් සභාවේ කොමසාරිස්වරු තුන්දෙනාගේ සහ එහි අධ්යක්ෂ ජනරාල්වරයාගේ අනුදැනුමකින් තොරව විත්තිකරුවන්ට එරෙහි චෝදනා සංශෝධනය කොට ඇති බවට අල්ලස් කොමිෂම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්යක්ෂ ජනරාල් සුභාෂිණී සිරිවර්ධන මහත්මිය අධිකරණයට කළ දැනුම් දීමකින් අනතුරුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය. මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කළාග
2014 සැප්තැම්බර් මස පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලයේ කොළඹදී සතොස ආයතනයට ගෙන්වු කැරම් බෝඞ් සහ දාම් බෝඞ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් කී‍්‍රඩා සංගම් වලට බෙදා දී රජයට රුපියල් මිලියන 53 කට අධික පාඩුවක් සිදු කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා හයක් යටතේ නඩු පවරා ඇත.
මෙම සිද්ධියට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවැරීම ස`දහා අගවිනිසුරුවරයාගේ අනුමැතිය ලැබීම නිසා හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මෙන්ම සතොස ආයතනයේ හිටපු සභාපති හා හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙලෙස නඩු පවරා ඇත.