දුර්ලභව දැක ගැනීමට හැකිවන උනහපුලුවෙක් කැකිරාව කිතුල්හිටියාව නිවසක දැලක පැටලී සිටියදී තරුණයකු විසින් බේරාගෙන මාධ්‍යවේදීන් හරහා සීගිරිය වනජීවී නිලධාරීන්ට බාර දීමේ සිද්ධියක් ඊයේ (18දා) පස්වරුවේ වාර්තා විය.
පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන කිසිදු ක්‍රීඩාංගණයක මත්පැන් අලෙවි කිරිමට අවසර ලබා නොදෙන බව සංවිධානයකින් තහවුරු කර ඇත.ඒ මෙවර ලෝක කුසලායට ආරම්භ වීමට දින දෙකක් පමණක් ඉතිරිව තිබියදීය.
Read Moreනයිජීරියානු සමුද්‍ර පරිසරයට අවසරයකික් ඇතුළුවීම හෙතුවෙන් නයිජීරියානු බලධාරීන් විසින් රඳවාගෙන සිටින M/T Heroic IDUN නෞකාවේ සිටින ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයින් අට දෙනාගේ සුබසාධනය ගැන රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreහදිසි නීති රීති පනවා වගා කිරීම සඳහා ආණ්ඩුව ජනතාවට බලපෑම් නෙකරන බවත් අර්බුදයෙන් ගොඩඒම සඳහා සියලු දෙනා සාමූහිකව වගා කිරීමට එකතුවන ලෙස ඉල්ලන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
Read Moreමෙය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගණනය කිරීම් මත පදනම්ව, මෙම වසරේදී උතුරු කොරියාව විසින් සිදුකළ 8 වැනි අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල පරීක්ෂණය වනු ඇත.
Read Moreජනාධිපතිතුමාගේ යෝජනාවක් පරිදි ස්ථාපිත කිරීමට නියමිත කාරක සභා ද්විත්වයකට අදාළ ස්ථාවර නියෝග පිළිබද කාරක සභාවේ වාර්තාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදරිපත් කරන ලදී.
Read Moreත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සම්බන්ධයෙන් වු විශේෂ සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අද (18) අධිකරණ අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
Read Moreකොරියානු අර්ධද්වීපයේ උණුසුම ආසන්න කාලසීමාව තුළ තීව්ර වී තිබුණේ, උතුරු කොරියාව දිගින් දිගටම මිසයිල අත්හදා බැලීම් සිදුකිරීම නිසාය.
Read Moreමෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ නව පෙරලියක් සනිටුහන් කරමින් ලබන වසරේ පළමු පාසල් වාරය ආරම්භ වන මාර්තු 26 වනදා සිට දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශයේ 01 ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට සියලු පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය .
Read Moreලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීමට යෝජනා කරන,මෙවර ’’අය - වැයට’’ විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට උත්තර ලංකා සභාගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි එම සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
Read Moreලෝකයේ තුන්වැනි විශාලතම ආර්ථිකයේ උද්ධමන අනුපාතය ජපාන බැංකුවේ (BOJ) 2%ක උද්ධමන ඉලක්කයට වඩා අඛණ්ඩව හත්වැනි මාසය සඳහා ඉහළ මට්ටමක පැවතුණි.
Read Moreත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැනට රඳවාගෙන සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාවට අග්‍රාමාත්‍ය කාර්ලායලය අසළදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරිමට පොලිසිය පියවර ගත්තේය.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව පනත් කෙටුම්පත් 8 ට ඊයේ (17) සිය සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (18) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
Read Moreබැංකු මගින් ඩොලර් රුපියල්වලට මාරු කිරීමේදී ප්‍රමාදයන් වීමට හේතුවන කිසිදු උපදෙසක් මහබැංකුව ලබා දී නොමැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හහතා පැවැසිය.
Read Moreමෙම පාලම නිසා දැන් වෙන්ටියැන් මොඩියුලයේ සිට ටියාන්හේ මූලික හෝ මෙන්ටියැන්ග් මොඩියුලය වෙත පහසුවෙන් එහා මෙහා යාමට හැකි වනු ඇති අතර, ඔවුන්ට අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ ගමන් කළ හැකි දුර දෙගුණ වී තිබේ.
Read Moreවිශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙක්ගේ සිරුරක් කළුතර නිවසක විදුලි පංකාවක එල්ලෙමින් තිබියදී අද (18දා) උදෑසන හමුවූ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
Read Moreසාලියපුර ගජබා රෙජිමේන්තුවට අයත් ශ්‍රි ලංකා යුද හමුදාවේ මේජර්වරයෙක් ඇතුළු තිදෙනෙක් ඊයේ රාත්‍රි යේ සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
Read Moreවයස අවුරුදු 42 ක කාන්තාවක සහ 7 සහ 4 වියැති ඇයගේ කුඩා දරුවන් දෙදෙනා බලහත්කාරයෙන් නිවසක සිරකර ගෙන සිටී වැලිපැන්න පොලිසියේ සැරයන්වරයෙකු සහ ඔහුගේ බිරිඳ අද (18) අලුයම අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
Read Moreපසුගිය කාලය තුළ විචල්‍ය පොලී අනුපාත යටතේ ලබා ගත් ණය සදහා අය කරන පොලී අනුපාත ඉහළ දැමීම නිසා අපහසුතාවට පත්වූ ගණුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කර සහනයක් ලබා ගත හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreමීට මාස දෙකකට පෙර 70%ක අගයක පැවති සාමාන්‍ය උද්ධමනය මේවන විට 66% දක්වා අඩුවී ඇති බවත් 95% ක පැවති ආහාර උද්ධමනය 85% දක්වා අඩුවී ඇති බවත් මහබැංකු අධිපතිවරයා පැවසීය.
Read Moreමිනුවන්ගොඩ , ජාපාලවත්ත ප්‍රදේශයේදී අද (18) අලුයම පොලිස් විශේෂ කාර්ය බළකාය හා පාතාල සාමාජිකයන් දෙදෙනෙකු අතර ඇතිවූ වෙඩි හුවමාරුවකදී පාතාල සාමාජිකයන් දෙදෙනා මියගොස් තිබේ. පෝද්දල පදිංචි පාතාල සාමාජිකයන් දෙදෙනකු මෙසේ මියගොස් ඇති බව මිනුවන්ගොඩ පොලිසිය කියයි.
Read Moreදිවයිනේ බොහෝ ප්‍ර දේශවලට අද දිනයේදි වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව පවසයි. කෙසේ වෙතත් උතුරු හා නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ක්‍රියාත්මක නඩු විභාගය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන වට ඔස්ට්‍රේලියානු ඩොලර් 380000ක් (ශ්‍රි ලංකා රුපියල් ලක්ෂ 96ක්) පමණ ගෙවා ඇතැයි ඩේලි මිරර් පුවත් සේවය පවසයි.
Read Moreනොවැම්බර් මාසයේ මුල් දින 15 තුළ සංචාරක පැමිණීම් 27,213 ක් වූ අතර, වසර සඳහා සංචාරක පැමිණීම් ලක්ෂ 6 ඉක්මවා යාමට ආසන්න දුරකින් ශ්‍රී ලංකාව පසුවෙයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව ජනවාරි 01 සිට නොවැම්බර් 15 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 595,471 ක් පැමිණ තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය පොත් පත් මුද්‍රණය කර ලබා දෙන බව ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණ කළේය. පොත් පත් සඳහා අවශ්‍ය කඩදාසි එම මුද්‍රණ ආයතකන විසින් ආනයනය කරමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
Read Moreශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට සහ නව කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා රජය කැලිෆෝනියා විශ්වවිද්‍යාල පද්ධතිය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් හි හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට රුපියල් මිලියන විසිපහක වන්දියක් ගෙවන ලෙසට අර්ජුන රණතුංග මහතා ට ගල්කිස්ස සිවිල් අභියාචනා මහාධිකරණය අද (17දා) නියෝග කලේය.
Read Moreදේශගුණික විපර්යාස පිළිබඳ ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර උපදේශක ලෙස පත්කර ඇති මාලදිවයිනේ කථානායක මොහොඩම් නෂීඩ් මහතාට ඊජිප්තුවට යෑමට රජයේ මුදල් වැය නොකළ බව මුදල් අමාත්‍යාංශය දැනුම් දුන්නේ යැයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Read Moreපාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වාර්තා දෙක පිළිබඳව එම කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.
Read Moreදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
Read More