saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 4551 hours ago

LATEST

සුමන හිමි, තිළිණි ඇතුළු 4දෙනා තවදුරටත් රිමාන්ඩ්

calendar_today 2022 නොවැ 16 - 15:26 remove_red_eye - 298  

මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බොරැල්ල සිරි සුමන හිමි, තිළිණි ප්‍රියමාලි, ජානකී සිරිවර්ධන හා ඉසුරු බණ්ඩාර ඇතුළු සිවුදෙනා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.මේ අනුව එම පරිස එළැඹෙන 30 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඉකුත් මැයි නම වෙනි දින අරගලයේ පැවති දා ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් කොට්ඨාස වල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ඇතුලු දේපල වලට අරගලකරුවන් පහරදීමෙන් සිදුවූ අලාභය රුපියල් කෝටි 77කට අධික බව තක්සේරු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

වව්නියාව පූන්තොට්ටම් පුනරුත්තාපන මධ්‍යස්ථානයේ පුනරුත්තාපනය වෙමින් සිටියදී ඊයේ (15) දින සවස පැන ගිය රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කොට ඇතැයි වව්නියාව පොලීසිය පවසයි.

Read More

ලොව ඉදිකර ඇති විශාලතම අක්වෙරළ සුළං විදුලි බලාගාර උද්‍යානය ලෙස සැලකෙන නෝර්වේහි වෙරළට ඔබ්බෙන් පිහිටි Hywind Tampen ව්‍යාපෘතියේ විදුලි බල උත්පාදන කටයුතු පසුගිය ඉරිදා දිනයේදී ආරම්භ කෙරී තිබේ.

Read More

තෙල්දෙණිය පොලිස් වසමේ දිගන නගරයේ මහා පරිමාණයෙන් මුදල් පොලියට දෙන ආයතනයක් පවත්වාගෙන යන පුද්ගලයකු අද (16) දහවල් දිගන නගරයේ පිහිටි ඔහුගේ කාර්යාලය තුළදී රිවෝල්වරයකින් වෙඩි තබා ගැනීමෙන් අනතුරුව ඔහු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය කියයි.

Read More

හෙරෝයින් මිලිග්‍රෑම් දෙකක් සමග පොලිස් සැරයන්වරයෙකු මාතලේ කළුදැවල නරිකන්ද ප්‍රදේශයේදි සැකපිට ඊයේ (15දා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මාතලේ මුලස්ථාන පොලිසිය පවසයි.

Read More

විපක්ෂය සඳහන් කරන ආකාරයෙන් පාර්ලිමේන්තුව විසුරවා කඩිනමින් ඡන්දයකට යෑමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන නොමැති බවත්, සභාග ආණ්ඩුවක් ගොඩ නගා තිබෙනුයේ රට ගොඩ ගැනීමට බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Read More

වව්නියාව පූන්තොට්ටම් පුනරුත්තාපන මධ්‍යස්ථානයේ පුනරුත්තාපනය වෙමින් සිටියදී ඊයේ (15දා) සවස පැන ගිය රැඳවියන් ඇල්ලීම සඳහා විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කොට ඇතැයි වව්නියාව පොලීසිය පවසයි.

Read More

මිල්ලනිය, ගුංගමුව කනිෂ්ඨ විදුහලේ විදුහල්පතිනිය සහ මිල්ලනිය පොලිසියේ නිලධාරීන් දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (16දා) නියෝග කළේය .

Read More

දිවයිනෙහි පළමු වරට ශ්‍රවණාබාධිත පුද්ගලයින් වෙනුවෙන් සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබා දීමේ නියමු ව්‍යාපෘතියක්, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

Read More

බුලත්සිංහල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ චීවරධාරයෙකු හෙරොයින් මිලිග්‍රෑම් 40ක් සමග බුලත්සිංහල, පරාගොඩ මාර්ගයේ අසලදී ඊයේ (15දා) සවස අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලීසිය පවසයි.

Read More

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මෙම මස 06වැනිදා සිඩ්නි නුවරදී පොලිස් අත්අඩංගුවට පත්වූයේ, එරට කාන්තාවක් ඔහුට විරුද්ධව කළ පැමිණිල්ලකට අනුවයි. ඒ ඇයගේ කැමැත්තෙන් තොරව ලිංගික ක්‍රියාකාරකම් සිදුකිරීම සම්බන්ධයෙන් ගුණතිලකට එරෙහිව චෝදනා 04ක් එල්ල කිරීමත් සමගිනි.

Read More

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් යාපනය, මුලතිව්, කිළිනොච්චි හා බදුල්ල යන දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී ගොවි පවුල් 15,619කට වී වගාවට අවශ්‍ය යුරියා පොහොර නොමිලයේ ලබා දීම සඳහා මෙ. ටො. 780ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දෙනු ලැබීය.

Read More

ශ්‍රී ලංකාවට අතිමහත් ගෞරවයක් , කීර්තියක් ගෙන ආ ශ්‍රී ලාංකික ක්‍රිකට් තරග විනිසුරු කුමාර ධර්මසේන මහතා පිළිගැනීමේ උත්සවයක් අද (16දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී පැවැත්විණි .

Read More

ආණ්ඩුවෙන් ඉවත්වි විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස තමන් තවදුරටත් කටයුතු කරන බවත් කිසිම සන්ධානයකට පක්ෂයට එක් නොවුණ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි. පාර්ලිමේන්තුවේ වරප්‍රසද ප්‍රශ්නයක් මතුකරමින් ඔහු මේ බව සඳහන් කළේය.

Read More

වැවිලි භෝග අපනයනයෙන් පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.8ක ආදායමක් උපයා ඇති බවත් එය ශ්‍රී ලංකාව එම කර්මාන්තයෙන් උපයා ගත් ඉතිහාසයේ වැඩිම ආදායම බවත් වැවිලි කර්මමාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

Read More

පොහොර තහනම හරහා තේ කර්මාන්තයට ප්‍රභල ප්‍රහාරයක එල්ල වුණා. මම මෙතෙක් කල් මේක ප්‍රස්ද්ධියේ කිව්වේ නෑ. ඒක හොඳ තීන්දුවක් නෙමෙයි. මේක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන විට පළමු පැයේම මම විරුද්ධ වුණා වැවිලි කර්මාන්ත ඇමතිවරයා ලෙස.

Read More

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසලදී අද (16දා) දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබේ.

Read More

දිවුලපැලැස්ස කලු ගල් ව්‍යාපාරික වැඩබිමක් තුළ ගබඩාකර තිබූ රුපියල් ලක්ෂ 13ක් පමණ වටිනා ඩීසල් ලීටර් 3000ක් පමණ සොරකම් කළ තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කැනේඩියානු ඩයස්පෝරා සංවිධානය මෙරට තුළ තහනම් සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ස්තූතිය පළ කරමින් කැනේඩියානු දෙමළ කොංග්‍රසය විසින් නිකුත් කරන ලද ලිපියක් එම සංවිධානයේ නියෝජිත පංචලිංගම් කන්දයියා මහතා විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත භාරදීම අද (16දා) පෙරවරුවේ සිදු කෙරිණි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ සිට එළඹෙන 20වැනිදා මෙරටට පැමිණීමට නියමිත බව එම පෙරමුණෙහි ප්‍රකාශකයෙකු ’අද’ට පැවසීය.

Read More

මීගහතැන්න පැලවත්ත ප්‍රධාන මාර්ගයේ ගල්ලනමුල්ල ප්‍රදේශයේ දී එකොළොස් දෙනකු ගමන් ගත් වෑන් රථයක් බෝක්කුව ගැටී. අඩි 8ක් පමණ බෑවුමකට පෙරළීමෙන් වයෝවෘද්ධ කාන්තාවක් මිය ගොස් තුවාල ලැබූ 10 දෙනෙකු රෝහල් ගත කළ බව මීගහතැන්න පොලීසිය පවසයි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉදිරි වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එකතුවී තීරණයක් ගන්නා බවත් මෙම අයවැය රටේ ණය බර තවත් උග්‍ර කරන අය වැයක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි .

Read More

ගොවීන්ට සහනාධාර යටතේ ලබාදීමට රජයේ පොහොර ලේකම් කාර්යාලය අවසර මත යූරියා පොහොර ආනයනය කළ පෞද්ගලික සමාගම් ගොවීන්ට එම පොහොර ලබා නොදී කර්මාන්ත කටයුතු සඳහා පෞද්ගලික සමාගම්වලට ව්‍යාජ ලේඛන සකසා වැඩි මිලට ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

මේ යන ක්‍රියාවලිය තළ ජනතාවට සෑහෙන පීඩා විදින්න වෙනවා. මෙ ්පීඩාව කොහොමද හැමෝම අතර සාධාරණව බෙදා ගන්නේ. බහුතරයක් ජනතාව මේ අර්බුදය නිසා දුප්පත්කමට වැටිලා තියෙනවා.

Read More

මුතුරාජා හස්තියා දෙහිවල සත්වෝද්‍යානය මගින් රැක බලාගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි ලේකම්වරියට උපදෙස් දෙයි.

Read More

මෙරට ආර්ථිකය කඩා වැටීම සඳහා අජිත් නිවාඩ් කබ්රාල් හිටපු මහබැංකු අධිපතිවරයා මෙන්ම පී.බී.ජයසුන්දර හිටපු ජනාධිපති ලේකම්වරයා මූලික වශයෙන් වගකිය යුතු බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

Read More

එළඹෙන වසරේ (2023) අයි.පී.එල්. ක්රිිකට් තරගාවලියේ ක්රීනඩකයින් රඳවා ගැනීම් හා නිදහස් කිරීම් අද සිදුවිය.

Read More

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්, ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු ලෙස ඔවුන්ගේ පත්වීම් ලිපි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින්, පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පසුගියදා ලබාගත්හ.

Read More

දරුවන් පිළිබඳ සිදුවීම් මාධ්‍ය මගින් ප්‍රචාරයේදී දරුවන් නිරාවරණය කිරීම වැළැක්වීමට අදාළ නීති සකස් කිරීම සම්බන්ධයෙන් කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමු විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.