ආනයනික කිරිපිටි මිල අඩුකිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ. ඒ අනුව කිලේ එකක ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 200කින් අඩුවීමට නියමිත අතර ඊට සමගාමීව ග්රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80කින් අඩුකිරීමට නියමිතය. මෙම මිල අඩුකිරීම සඳුදා සිට ක්රියාත්මක කිරීමට ඔවුන් තීරණය කර ඇත.