ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ මූල්‍ය පහසුකම යටතේ පළමු වාරිකය මේ වන විට ශ්‍රී ලංකාවට ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක පමණ මුදලක් මේ අනුව ශ්‍රී ලංකාවට ලැබී ඇති බව ඔහු පැවැසීය.
මින් පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදෙන මුදල් මහ බැංකු ගිණුමට බැර වුවත් මෙවර එම මුදල් අවශ්‍යතාව අනුව මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුමට මාරු කිරීමට අවසරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී ඇති බවයි.
එය මීට පෙර නොවූ සුවිශේෂී කරුණක් බවත් ඒ අනුව අදාළ මුදල් රුපියල් බවට පරිවර්තනය කර ගැනීමේ හැකියාව තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.