සාපරාධී අපහාස නඩුවකයට වැරදිකරු වූ ඉන්දීය විපක්ෂනායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබේ.
2019 මැතිවරණ ප්රචාරක රැලියකදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම ගැන කළ ප්‍රකාශයකට ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණය විසින් රාහුල් ගාන්ධි වරකරු කරමින් මෙම දඩුවම නියම කළේය.
කෙසේ වෙතත් ඔහු වහාම සිරගත නොවන අතර ඔහුට දින 30 ක ඇප ලබා දී ඇති අතර ඔහුගේ වරදට එරෙහිව අභියාචනයක්ද ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබේ.
2019 අප්‍රේල් මාසයේදී කර්නාටක ප්‍රාන්තයේ පැවති මැතිවරණ රැලියකදී ගාන්ධි මහතා "සියලු හොරුන්ට 'මෝදි' ලෙස ඔවුන්ගේ වාසගම ඇත්තේ ඇයි? නිරාව් මෝදි, ලලිත් මෝදි, නරේන්ද්‍ර මෝදි." යැයි පවසා තිබුණි.
නිරාව් මෝදි පලාගිය ඉන්දීය දියමන්ති ව්‍යාපාරිකයෙක් වන අතර ලලිත් මෝදි ඉන්දීය ප්‍රිමියර් ලීගයේ හිටපු ප්‍රධානියෙකු වන අතර ඔහු එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ජීවිතාන්තය දක්වා තහනම් කර ඇත.
ගාන්ධි මහතාගේ ප්‍රකාශය සමස්ත මෝදි ප්‍රජාවම අපකීර්තියට පත් කර ඇති බව පවසමින් ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ නීති සම්පාදකයෙකු වන පූර්ණේෂ් මෝදි විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම නඩුව පවරා ඇත.