තවත් රාජ්‍ය අමාත්‍යවරුන් හා කැබිනට් ඇමතිවරු පත්කිරීමේ සූදානමක් ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“ආර්ථිකය සංකෝචනය කරලා තමයි මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න බලන්නේ. ආර්ථිකය සංකෝචනය වුණාට රජයේ සංකෝචනයක් නෑ. මැති ඇමතිවරුන් වැඩිවෙනවා. තවත් රාජ්‍ය ඇමතිවරුන් පත්කරන්න යනවලු.
තවත් ඇමති ලැයිතුවක් හදනවලු. ඒ ඇමති ලැයිස්තුවලට විවිධ අය පොරකනවලු. සංකෝචන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන කොට ඇයි ආණ්ඩුව කුඩා කරන්න බැරි. ඇයි අපිට කුඩා ආණ්ඩුවකට යන්න බැරි.”