ඉන්ධන මිල සූත්‍රය හොඳ දෙයක් බවත් ඒ අනුව අඛණ්ඩ සැපයීම සහතික කර ගැනීමට හැකිවූ බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවැසුවේ මිල ක්‍රමය හරහා පිරිවැය ආවරණය කර ගැනීමටද හැකිවූ බවයි.
රජයේ ආයතන ප්‍රතිව්‍යුහගත කරණය කිරීම කළ යුතු බවත් ඒ සඳහා හොඳම උදාහරණය ත්‍රිකුණාමලය තෙල් ටැංකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම තෙල් ටැංකිවලින් ඉන්දීය තෙල් සමාගම ලාභ ලබන බවත් රජයට අයිති තෙල් ටැංකි භාවිතයට නොගන්නා බවත් ඔහු පැවැසීය.