ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික අර්බුදයෙන් වඩාත් පීඩාවට පත් වූ කාන්තාවන් සඳහා මානුෂීය ආධාර ලබාදීම උදෙසා ජපාන රජය එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකයට (UN Women) ඩොලර් මිලියන 1.6 ක් ලබා දෙන ලදි.
මෙම අරමුදල් “අර්බුදය තුළ කාන්තාවන් සවිබල ගැන්වීම” යන නව ව්‍යාපෘතියක කොටසකි. එම ව්‍යාපෘතිය2023 පෙබරවාරි සිට 2023 දෙසැම්බර් දක්වා ක්‍රියාත්මක වන අතර, එමගින් ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනයට මුහුණ දුන් කාන්තාවන් 1,200කට වැඩි පිරිසකට හා ඔවුන්ගේ දරුවන්ට සහාය ලබාදෙනුඇත.
එසේම, කඩාවැටීමේ අවදානමට ලක්ව ඇති, කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ක්ෂුද්‍ර ව්‍යවසායන් 500කට සහ දරිද්‍රතාවයේ හා මන්දපෝෂණයේ අවදානමට ලක්ව සිටින පුද්ගලයින් 2,000කට වැඩි පිරිසකට එමගින් සහාය පිරිනමනු ඇත.