ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් මූල්‍ය පහසුකම අනුමත කිරීමේන් අනතුරුව ඒ වෙනුවෙන් රතිඤ්ඤා පත්තු කළ කිරිබත් කන අඥාන මිනිසුන් ශ්‍රී ලංකාවේ සිටින බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
අද (23දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පවැසිය.
මේ වන විට ශ්‍රී ලංකාව ලෝකයට ඩොලර් බිලියන 55ක් ණය වී ඇති බවත් ඉදිරිවසර හතරේදී තවත් ඩොලර් බිලියන 7ක් ණය ලබා ගන්නා බව ජනපති ප්‍රකාශ කර ඇති බවත් ඔහු පැවැසීය.
ඒ අනුව තවත් වසර හතරක් අවසානයේදී ශ්‍රී ලංකාවේ ණය ඩොලර් බිලියන 62ක් දක්වා ඉහළ යනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
රට හදන හැටි බලයට පත්වූ විට කරන බවත් ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම තවමත් ඩොලර් 3000ක් බවත් ඔහු ප්‍රකාශ කළේය.