එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය අපේක්ෂිත කුඩා අනුපාත වැඩිවීමක් ප්‍රකාශ කිරීමත් ඩොලරය සති හයක අවම මට්ටමකට පැමිණීමත් හේතුවෙන් බදාදා දිනයේදී ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් මිල 2% කින් පමණ ඉහළ ගියේය.
මේ අනුව බ්‍රෙන්ට් බොරතෙල් දර්ශකය ඩොලර් 1.37 කින් (1.8% කින්) ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 76.69 ක් වූ අතර එක්සත් ජනපද බටහිර ටෙක්සාස් අතරමැදි බොරතෙල් (ඩබ්ලිව්ටීඅයි) බැරලයක මිල ඩොලර් 1.23 ක් (1.8% කින්) ඉහළ ගොස් ඩොලර් 70.90 ක් බවට පත්ව තිබේ.