මහින්දානන්දට සභාපතිධුරයක්
ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුගමගේ මහතා පෙරේදා (21) පාර්ලිමේන්තුවේදී ඒකමතිකව තේරී පත්විය.
එම කාරක සභාවේ පළමු රැස්වීම ඊයේ පැවැත්වූ අතර, ඒ මහතා තේරී පත් වූයේ පාර්ලිමේන්තු මන්ත්රී ගුණතිලක රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්රී ධම්මික පෙරේරා යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙනි.
රජය විසින් ක්රියාත්මක කරන ආර්ථික ප්රතිපත්තීන් පිලිබඳ අධීක්ෂණය කිරීම සහ රටේ භෞතික සැලසුම් පිළිබඳ මෙම කාරක සභාව කටයුතු කරන බැවින් පක්ෂ භේදයකින් තොරව ක්රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව කාරක සභාවේ නව සභාපති පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී පැවසීය.
popular news
-
wije Thursday, 23 March 2023 06:36 AM
krushi karme diyunu kara vage mekath diyunu korapan mage deiyo
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

