ජල සම්පාදන සේවකයින් මාර්තු 13 වනදා සිට ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වලින් ඉල්ලා සිටි ඉල්ලීම් කිසිවකට පිළිගත හැකි ප්‍රතිචාර බලධාරීන්ගෙන් නොලැබීම නිසා එම වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට ඔවුන් තීරණය කර තිබේ.
ඒ අනුව හෙට (මාර්තු 23දා) දිවයින පුරා සියලූ කාර්යාල සහ වැඩබිම්වල සේවකයින් පෙ.ව. 9.00 සිට ප.ව. 5 දක්වා රාජකාරීවලින් බැහැරවන බවත් කාර්යාල සේවාවන් සහ පාරිභෝගික සේවාවන් ඉටු නොවන බවත් ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසයි.
ජනතාවට සිදුවන අපහසුතාවයන් සලකා ජල පොම්පාගාරවල කටයුතු පමණක් සිදුකරන බවත් කිසිදු බිඳ වැටීමක් අලූත්වැඩියා නොකරන බවත් ඔවුන් දන්වා සිටියි. ඒ අනුව යම් යම් ස්ථානවල ජල සැපයුම අඩාලවිය හැකි බවද ඔවුන් පවසයි.
රාජකාරීවලින් බැහැරවන බස්නාහිර පළාතේ සියලූම සේවකයින් දහවල් 12 ට පැලවත්ත ජල සම්පාදන අමාත්‍යාංශය ඉදිරිපිටට රැස්වී දැවැන්ත විරෝධතාවයක යෙදන බවත් එසේම දිවයින පුරා සියලූ ප්‍රාදේශීය මුලස්ථාන ඉදිරිපිට එනම් අනුරාධපුරා, කුරුණෑගල, නුවර, මාතර, බදුල්ල, රත්නපුර, මොණරාගල, වවිනියාව සහ සියලූ කාර්යාල ඉදිරිපිට දී දහවල් 12 ට විරෝධතා පැවැත්වීමටත් ඔවුන් සැලසුම් කර තිබේ.