පසුගිය මාස හත ශ්‍රී ලංකාවේ දුෂ්කරම කාල සීමාව වූ බවත් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව එය සාර්ථකව කළමනාකරණය කර ගත් බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
එසේම කිසිම රජයේ සේවකයෙකුට හෝ රාජ්‍ය ව්‍යාපාරවල සේවකයෙකුට සේවය අහිමි නොකළ බවත් කිසිවෙකු සේවයෙන් ඉවත් නොකළ බවත් ඔහු පැවැසීය.
" රැකියාව කරන ලක්ෂ ගණන් ජනතාව මෙම තත්ත්වයට මුහුණ දෙන්න ගතහැකි හැම පියවරක්ම ගත්තා. දියුණු රටවල දහස් ගණන් සේවය හැර ගියා. සේවය අවසන් කළා. "