අයි.එම්.එෆ්. යුක්රේනයට ඩොලර් බිලියන 15.6ක් දෙන්න යයි
යුක්රේනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 15.6 ක් පමණ වටිනා සිව් අවුරුදු මූල්‍ය පැකේජයක් ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ අනුමැතිය ලැබී තිබේ.
මෙම කාර්ය මණ්ඩල එකඟතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබිය යුතු අතර ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්යක්ෂ මණ්ඩලය ඉදිරියේදී රැස්වීමට නියමිතව තිබේ.
මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්යක්ෂ මණ්ඩලය අනුමැතිය ලැබුණහොත් 2022 පෙබරවාරි 24 වන දින සිට රුසියාවේ පූර්න පරිමාණ ආක්‍රමණයෙන් පසු යුක්රේනයට ලැබෙන විශාලතම ණය පැකේජය මෙය වෙනු ඇත.
මෙම මූල්‍ය පහසුකමට අනුමැතිය ලැබුණ හොත් ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන් සහ හවුල්කරුවන්ගෙන් යුක්රේනයට අනෙකුත් පාර්ශ්ව හරහා මුදල් ලබා ගැනීමට අවස්ථාව ලැබෙයි.
අපේක්ෂිත පරිදි මූල්‍ය පහසුකම අනුමත වුවහොත්, යුක්රේන වැඩසටහන සක්‍රීය ගැටුමක පැටලී සිටින රටකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙතෙක් ලබාදෙන විශාලම විශාලතම ණය මුදල ලෙස එය වාර්තා අතරට එක්වෙනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

