හත්වන වසරේ ඉගෙනුම ලබන අවුරුදු 12 මාස 01 වයසැති තම දියණියට ලිංගික අතවරකළ ඇයගේ පියා ඉකුත් (12) වෙනිදා ඇතිමලේ පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
කොටියාගල වත්තේගම කැකලාන ප්‍රදේශයේ පදිංචි මෙම දැරියට ඇයගේ පියා විසින් නිවසේ කිසිවෙකු නොමැති අවස්ථා කිහිපයකදී ලිංගික අතවරකර ඇති අතර ඒ පිළිබඳව දැරිය විසින් මවට පවසා තිබේ.
පසුව මව විසින් ඒ පිළිබඳව ඇතිමලේ පොලීසියට පැමිණිලිකර තිබේ. හතළිස්දෙවන වියෙහි පසුවන තිදරු පියෙකු වන සැකකරු පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට කටයුතු යොදා ඇත.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්කර තිබේ. ඇතිමලේ වැඩබලන පොලිස් ස්ථානාධිපති උ.පො.ප එස්.එම්.ජේ සිල්වා මහතා පරීක්ෂණ පවත්වයි.