නව පොලිස්පතිවරයෙක් පත්කිරීමෙ අර්බුදය තවදුරටත් දිග් ගැස්සෙමින් පවතින බව රජයෙ අභ්‍යන්තර වාර්තා සඳහන් කරයි.
ඒ අනුව නව පොලිස්පතිවරයෙක් පත්කිරීම වෙනුවෙන් වත්මන් පොලිස්පතිට තවත් වරක් සති තුනක සේවා දිගුවක් ලබා දීම වෙනුවෙන් රජයේ අවධානය යොමුව තිබේ.
මෙම සේවා දිගුව ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර තිබේ. පොලිස්පතිවරයා මෙවර ලබාදී ඇත්තේ තෙවැනි සේවා දිගුවයි. මීට පෙර මාස තුන බැගින් සේවා දිගු තුනක් ඔහුට ලබාදීමට ජනපතිවරයා පියවර ගත්තේය.