මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතරක් අද (15දා) පෙරවරුවේ විවෘත කර ඇති බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.
ඒ අනුව පොල්ගොල්ල වේල්ලේ වාන් දොරටු තුනක් අඩි 1'.9" (1.9") බැගින් ඉහළට ඔසවා ඇති අතර මේ හේතුවෙන් ජලාශය පහළට මහවැලි ගඟට තත්පරයට ඝණ අඩි 7000 ක ජල ප්‍රමාණයක් නිකුත්කරන බව ද පැවසීය.
මේ හේතුවෙන් පොල්ගොල්ල වේල්ලට පහළින් වික්ටෝරියා ජලාශය දක්වා මහවැලි ගඟ භාවිතා කරන ජනතාව අවධානයෙන් සිටීය යුතු බව එම කාර්යාලය වැඩිදුරටත් පැවැසීය.
මේ වන විට (15) වික්ටෝරියා ජලාශයේ ධාරිතාව සියයයට 50.77 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව එහි කාර්ය භාර ඉංජිනේරුවරයා සඳහන් කළේය.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්
