උඩරට දුම්රිය මාර්ගයට වටවල හා ගලබොඩ දුම්රිය ස්ථානය අතර ප්රදේශයේදී විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට අද (15දා) දහවල් සිට බාධා එල්ල වී පැවැති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
අධික වර්ෂාව සමග පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම ගස දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති බවත්, දුම්රිය සේවකයන් එකතුව ගස කපා ඉවත් කොට උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමන කටයුතු පැය කීපයකට පසු යතාතත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ගත් බවද දුම්රිය පාලක මැදිරිය පවසයි.