මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියදී හදිස්සි අනතුරකට ලක්වූ සිසුවකුට පොලිස් නිලධාරියෙකුගේ ක්ෂණික මැදිහත්වීම මත යළි විභාගයට පෙනී සිටීමට හැකි වීමේ පුවතක් බොරලැස්ගමුවෙන් වාර්තා වේ.
නිලිශ දේශාන්ජන බෝකුන්දර මහින්ද කනිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය ලද දරුවෙකි. මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා බොරලැස්ගමුව මහා විද්‍යාලයේ විභාග ශාලාව වෙත පැමිණ පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා අවසන් කර තිබිණි.
අනතුරුව ලද විවේකයේදී තවත් සිසුවෙකු සමග වැසිකිළියට යාම සඳහා දිව යාමේ දී ගොඩනැගිල්ලේ කෙලවරේ පය පැටලී වැටි හිස පැලීලේ ගලන්නට වීමෙන් ඔහු මහත් බියට පත් වී හඬා වැටෙන්නට විය.
එම අවස්ථාවේ දී වහා ක්‍රියාත්මක වු විභාග ආරක්ෂණ අධික්ෂණ රාජකාරි සඳහා පැමිණ සිටි බොරලැස්ගමුව පොලිසියේ පරිසර අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන උප පොලිස් පරීක්ෂක ධර්මදාස එගොඩ ආරච්චි මහතා දරුවා අස්වසා විභාග ශාලාධිපතිවරයා ව මූලිකව දැනුවත් කර ඔහුගේ අවසරය මත උප පොලිස් පරීක්ෂකවරයාට අයත් පෞද්ගලික මෝටර් රථයෙන් තුවාල ලද දරුවාව විනාඩි කීපයක් තුළදී වේරහැර කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහල වෙත රැගෙන ගොස් එහි වෛද්‍යවරුන්ට දරුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවෙක් බවට කරුණු පවසා ක්ෂණිකව ප්‍රතිකාර ලබාදෙනලෙස ඉල්ලීමක් කර තිබිණි.
එම ඉල්ලීමට ද යහපත් ප්‍රතිචාරයක් දැක්වූ වෛද්‍යවරුන් දරුවාට ක්ෂණිකව ප්‍රතිකාර ලබාදී තිබිණි.
ඒ අනුව යළි දරුවාව විභාග ශාලාව වෙත රැගෙන ඒමට උප පොලිස් පරීක්ෂකවරයා කටයුතු කළ අතර එම කාලය තුළ විභාග ශාලාධිපති වරයා අවශ්‍ය වගකිව යුතු ස්ථානවලට දුරකථනයෙන් අමතා හදිස්සිය අනතුරට ලක් වූ දරුවා වෙනුවෙන් අමතර කාලයක් ලබාගෙන ඔහුට අසාධාරණයක් නොවන ලෙස කටයුතු කිරීමට අවශ්‍ය කටයුතු කර තිබිණි.
දරුවාව කැටුව යාමට පැමිණි මිත්තණිය උපපොලිස් පරීක්ෂකවරයාට සිට ප්‍රණාමය පුද කිරීමටද අමතක නොකළාය
