රටේ ජනතාවට අලුතින් බදු පැනවිය නොහැකි බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රාජ්‍ය ආදායම ඉහළ නැංවිමේ අරමුණින් මුදල් රාජ්‍ය අමාත්‍යතුමාගේ සංකල්පයක් මත ආදායම් උපයනු ලබන දෙපාර්තමේන්තු වල ආදායම් ඉලක්ක සපුරා ගැනීම කඩිනම් කිරීම සඳහා මුදල් අමාත්‍යංශයේ දී එම ආයතන ප්‍රධානීන් සමඟ පැවති අදහස් හා යෝජනා පිළීබඳ පැවති සාකච්ඡාවේ දීය.
"මේ සාකච්ඡා වලින් අපි හරි තැනට ගෙනෙමු. පැහැදිළිවම රාජ්‍ය ආදායම ඉහළ නංවා ගත යුතුයි. අදාායම් ඉලක්ක වලට යා යුතුයි. මේ රටේ ජනතාවට අලුතින් බදු පනවන්න බැහැ. ඒක මේ දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි .ඒක රාජ්‍ය නායකයා විදිහට ජනාධිපතිතුමත් පැහැදිළිවම ප්‍රකාශ කරලා තියෙනවා. එහෙනම් අපිට තියෙන්නේ මේ තියෙන ක්‍රමවේදය තුළ පදනම පුළුල් කර ගැනීම සහ ආදායම් බදු නොගෙවන්නන්ගෙන් තවදුරටත් අය කර ගැනීම."