ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ සංචාරයක් සඳහා ඊයේ (15දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.
චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ ආරාධනයකට අනුව සහ ශ්‍රී ලංකාව චීනයෙන් ලබා ගෙන ඇති ණය මුදල් ප්‍රතිව්‍යුහගත කිරීම සදහා අවශ්‍ය සාකච්ඡා පැවැත්වීම සඳහා මෙම සංචාරය ක්‍රියාත්මක කරන බව සදහන් වේ .
ජනාධිපතිවරයා සමග තවත් දූත පිරිසක් ද පිටත්ව ගොස් තිබූ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .
මෙම පිරිස 10/15 දින රාත්‍රී 09.46 ට චීනයේ ෂැංහයි නුවර බලා චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 232 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි .