පැවති ධාරානිපාත වර්ෂාව සමඟ අද 15 දහවල් බණ්ඩාරවෙල වන නගරය ජලයෙන් යට වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ හේතුවෙන් බණ්ඩාරවෙල පන්සල ඉදිරිපිටින් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය ද අවහිර වී තිබූ බව පොලීසිය කියයි. අඩි හතරක පමණ මාර්ගය ජලය පිරී ගොස් තිබූ බව ද පොලීසිය කියයි.
වැසි ජලය බැස නොයාම මීට හේතුවී තිබේ.ශිෂ්‍යත්ව විභාගය අවසන්ව නිවෙස් බලා යාමට පැමිණි සිසුන් හා දෙමව්පියන් මේ හේතුවෙන් දැඩි අසීරුතාවකට පත්වූහ.
සමන් පාලිත නානායක්කාර

