වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කුමන ජාතික උද්‍යානයට වසර 4 කට පසු විශාල ආධායමක් ලැබී තිබේ .
කොටි ක්‍රියාකාරකම් නිසා වැසීගිය කුමන ජාතික උයන එම ක්රියාකම් පරාජය කිරීමෙන් පසු නැවත විවෘත කළද ඉන්පසු ඇතිවූ පාස්කු බෝම්බ ප්‍රහාරය හා කොවිඩ් උවදුර නිසා සංචාරකයන් නොපැමිණිමේ හේතුව නිසා යළි කඩාවැටිණ කෙසේ වෙතත් වසර හතරක පමණ වූ එම ගැටළු නිසා නතරවූ සංචාරක යන්ගේ පැමිණිම දැන් යථා තත්වයට පත්ව ඇති බවත් වාර්තා ගත ආධායමක් පසුගිය කාලයේ ලැබී ඇති බවත් වනෝද්‍යාන පාලකයෝ පවසති .
මේ අනුව ඉකුත් ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා වූ කාලයතුල දෙස් විදෙස් සාංචාරකයන් එකළොස් දහස් නමසිය අනූනම දෙනෙක් පැමිණ ඇති අතර ප්‍ර වේශපත් වලින් ලැබූ ආධායම රුපියල් මිලියන 40 ක් පමන වන බව කුමන උද්‍යාන භාරකාර ඩී.බී. සමරනායක මහතා පැවසීය .
ජුනි මාසයේ සිට සැප්තැම්බර් මාසයදක්වා විදේශීය සංචාරකයන්ගේ පැමිණිම විශාල වශයෙන් වැඩිවූ අතර ඒ කාලයතුළ ආධායමද විශාල වශයෙන් වැඩිවූ බව සමරනායක මහතා සඳහන් කළේය .
එම කාලය විදේශීකයන් සර්ෆිං ක්‍රීඩාව සදහා ආරුගම්බේ මුහුදු තීරයට පැමිණෙන අතර ඔවුන් කුමන සංචාරයටද අනිවාර්ය යෙන්ම පැමිණි බවද පැවසූ සමරනාය ක මහතා
මෙම උද්යානයතුළ කොටි 63 දෙනෙක් සිටින බව සමීපක්ෂණයදී අනාවරණය වී ඇති බවත් කොටි දැක බලාගැනීමට සංචාරකයන් ලොකු උනන්දුවක් දක්වන බවත් අවධාරණය කළේය .
පාලිත ආරියවංශ

