සෞදි අරාබියාවේ ගෘහ සේවයට ගිය මෙරට කාන්තාවක් පෙට්‍රල් වත්කොට සිරුරට ගිනි තබා මේ වන විට එරට රැඳවුම් මධ්‍යස්ථානයක සිටින බවත් ඇයව කෙසේ හෝ ලංකාවට ගෙන්වා ගන්නනැයි සෞදි අරාබියාවේ සිටින ලාංකික පිරිස් රජයෙන් ඉල්ලා සිටිති.
එරට නිවසක සිටි කාන්තාවක් මෙම ගෘහ සේවිකාවට සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා මාස 7 පමණ කාලයක් ගත වී තිබෙන බවත් ඇය ප්‍රතිකාර ලබා රෝහලෙන් ඉවත්ව එරට පොලිසියේ මැදිහත් වීම් මත රැඳවුම් මධ්‍යස්ථානයක මාස එක හමාරක පමණ කාලයක් දැඩි දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන බව ඇය පවසන්නීය
ගොතටුව නව නගරයේ පදිංචි ව සිටි නයනා දිල්රුක්ෂි හතළිස් පස් හැවිරිදි ගෘහසේවිකාව මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා මෙරටට පැමිණීමට නොහැකිව සිටින බව කියයි.
සෞදි අරාබියාවේ සහ වෙනත් රටවල සිටින දේශීය කණ්ඩායමකට ගෘහ සේවිකාව තමන් අත්දුටු සිද්ධිය දැනුවත් කිරීමෙන් අනතුරුව එම පිරිස මෙරට ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියේ කඩිනමින් මෙම කාන්තාව ලංකාවට ගෙන්වා ගැනීම සඳහා රජයේ බලධාරීන්ගේ අවධානය යොමු කර දෙන ලෙසය
ඒ අනුව ඉමෝ තාක්ෂණය හරහා මෙම සිද්ධියට මුහුණදුන්දුන් යනයනා දිල්රුක්ෂි මහත්මිය සම්බන්ධ කර ගැනීමට අපට හැකි විය.
නයනා දිල්රුක්ෂි මහත්මිය කියා සිටියේ තමන් පසුගිය පෙබරවාරි මස 8 වන දින කුරුණෑගල ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයකින් විදේශ ගත වූ බවය
එම විදේශ සේවා පෞද්ගලික ආයතනයට කාන්තාවන් සපයන තැරව් කාර කාන්තාවක් විසින් තමන්ට රට සිහිනය පෙන්වා මෙම පෞද්ගලික විදේශ රැකියා ආයතනයට බාර දී ගෘහ සේවය සඳහා සෞදි අරාබියාවේ රියාද් හායි නගරයට පිටත් කර යැවූ බව ය.
පසුව එම නිවසේ දරුවන් බලා ගැනීම තට්ටු තුනක් වූ නිවසේ සියලු වැඩ රාජකාරි සිදු කිරීම් තමන් විසින් සිදු කර ගෙන සිටින අවස්ථාවේ පසුගිය මාර්ත 13 දින එම නිවසේ හිමි හිමිකාරිය සහ හිමි හිමිකරු විසින් තම දරුවන්ට නිසි පරිදි ආහාර ලබා දීම සිදු නොකළේ යැයි චෝදනා කරමින් තමන්ට පහර දී එම කාන්තාව තමන්ගේ සිරුරට පෙට්‍රල් වත් කොට ගිනි තැබූ බව ඇය සඳහන් කළාය.
ගිනි තබන අවස්ථාවේදී තමන් කෑගසද්දී ගිනි තැබූ කාන්තාවගේ මව තමන් බේරා ගැනීම සඳහා උත්සාහයක නිරත වුව ද එය අසාර්ථක වූ බව ඇය සිය මතකය අවදි කරමින් සඳහන් කළාය
එමෙන්ම පසුව ගිනි තැබූ කාන්තාවගේ සැමියා පැමිණ ගින්න නිවා දමා ගිලන් රථයක් ගෙන්වා තමන්ව එරට රෝහලකට යැවූ බවත් පසුව දින තුනකට පමණ පසු තමන්ට සිහිය පැමිණි බව ඇය සඳහන් කළාය
එරට පොලීසිීසියට තමන්ට සිදු වූ සිද්ධිය ප්‍රකාශ කළ බවත් එහෙත් එම කාන්තාව පොලිිසියට ප්‍රකාශ කළේ තමන් විසින්ම ගිනිතබා ගැනීම සිදු කළ බවය
කෙසේ වෙතත් ඇය හඬා වැටෙමින් කියා සිටියේ තමන්ට මව රැක ගැනීමේ අවශ්‍යතාවය සහ නිවසක් තනා ගැනීමේ අවශ්‍යතාවය මත විදේශගත වූ බවය කුමන ප්රශ්නය ආවත් තමන් සිය ජීවිතය හානි කර ගන්න තරම් මෝඩ කාන්තාවක් නොවන බව ඇය පසක් කරමින් කියා සිටියාය.
කෙසේ වෙතත් තමන් කඩිනමින් ලංකාවට ගෙන්වා ගැනීම සිදු කර දෙන ලෙස රජයෙන් සහ වග කිව යුතු බලධාරීන් ගෙනගෙන් ඉල්ලා සිටින බවත් තමන්ට ගිනිතැබූ පුද්ගලයන් පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටු කර දෙන ලෙස ද ඇය ඉල්ලීමක් කළාය .
නයනා දිල්රුක්ෂි මහත්මිය සෞදි අරාබියාව ට අලෙවිකළ කුරුණෑගල පෞද්ගලික විදේශ රැකියා ආයතනයේ තැරැව්කාර අප කාන්තාව දුරකථනය හරහා සම්බන්ධ කරගෙන ඇයගෙන් කරුණු විමසීමේදී කියා සිටියේ තමන්ට පැවරී ඇත්තේ කාන්තාවන් සොයා දීම පමණක් බවත් ඒ සඳහා තමන්ට මුදලක් ලැබෙන බවය
ප්‍රමාණවත් ලැබෙන මුදල කිසිදිනක හෙළි කිරීමට අවශ්‍ය නැති බවත් ඇය සඳහන් කළාය. කෙසේ වෙතත් මෙම කාන්තාව කියා සිටියේ එම සේවිකාවන් ගේ වගකීම් පැවරෙන්නේ තමන්ට නොව විදේශ ගත කළ පෞද්ගලික ආයතනයට බව ඇය සඳහන් කරමින් දුර කථනය විසංධි කළා ය.
එමෙන්ම සිරුර ගැනීම්ට ලක්ව බරපතළ තුවාල ලබා සිටින නයනා දිල්රුක්ෂි මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ තමාන් මේ පිළිබඳ කුරුණෑගල ප්‍රදේශයෙ තමන් පැමිණි විදේශ රැකියා ආයතනයට දැනුවත් කළ ද ඉන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවය
විදේශ සේවා නියුක්ති කාරයංශය එරට තානාපති කාර්යාල ආදී සියලු වගකිව යුතු අංශ වලට දැනුවත් කළ ද අවස්ථා කිහිපයක කතා කොට කඩිනමින් විසඳුමක් ලබා දෙන බව ප්‍රකාශ කරමින් මාස 7 ක පමණ කාලයක් මේ වන විටත් තමන් දැඩි දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වෙන බව ඇය සඳහන් කළාය
තමන් සේවය කළ නිවසේ වැටුප පවා මේ වන විට තමාට අහිමි වී තිබෙන බවද ඇය සඳහන් කළාය .කෙසේ හෝ තමන්ට ලංකාවට පැමිණීම සඳහා උදව් කරන්නැයි ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියාය.
