දෙඹර කූඩුවක් ඇවිස්සීී දෙඔරුන් දෂ්ඨ කිරීමෙන් රෝහල් ගත කල සත් දෙනෙකුගෙන් එක් අයෙකු මරණයට පත්ව,කාන්තාවක් නිකවැරටිය රෝහල් දැඩි සත්කාරයට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙසේ මරණයට පත්ව සිටියේ කෝන්වැව, පොල්පිතිගම ලිපිනයේ පදිංචි ආර්.එම්.දයානන්ද (55) නැමති එක් දරු පියෙකු වන අතර නිකවැරටිය රෝහල් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරණු ලැබ ඇත්තේ මරණකරුගේ බිරිඳ වන 54 වියැති කාන්තාවකි.
දෙඹබර දෂ්ඨනයෙන් අනතුරට ලක්වූ පිරිස මහව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව,එහිදී එක් අයෙකු මරණයට පත්ව අසාධ්‍ය තත්වයෙන් සිටි කාන්තාව සහ ඔවුන්ගේ ඥාති පුත්රයෙකුු නිකවැරටිය මූලික රෝහලට මාරු කර එවා ඇති බවද, මිය ගිය පුද්ගලයාගේ සිරුර පිළිබඳව වූ හදිසි මරණ පරීක්ෂණය නිකවැරටිය මූලික රෝහලේදී 15 දා සිදු කිරීමට නියමිතව ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙබර දෂ්ඨනයට ලක් වූ පිරිස කෝන්වැව ප්‍රදේශයේ හේනක මිරිස් සිටුවීම සිදු කරමින් සිටින අවස්ථාවේ එමහේනේ ගස් මුදුනක තිබූ දෙබරය යම් හේතුවකින් ඇවිස්සී, මෙම පිරිසට දෂ්ඨ කිරීමෙන් මෙම පිරිස අනතුරට ලක්ව ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
පසුව ඔවුන් ගේ කෑ ගැසීම ඇසී ,අසල්වැසි හේන් වල වැඩ කරමින් සිටි අය හුලු අතු දල්වා , දෙබරුන් පලවා හරිමින් මහත් පරිශ්‍රමයක් යොදා අනතුරට ලක්වූූ පිරිස් යතුරුපැදි වලින් , පිරිමින් දෙදෙනෙකු.සහ කාන්තාවන්. පස් දෙනෙකු මෙලෙස රෝහල් ගත කල බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.