saravita-anim2

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11022 hours ago

LATEST

පොහොර සහනාධාරය ගැන හැරිසන් CID යට

calendar_today 2019 මැයි 31 - 10:34 remove_red_eye - 455  

රජය ලබා දෙන පොහොර සහනාධාරය යටතේ ආනයනය කරනු ලබන රසායනික පොහොර කුඨ ලෙස පෞද්ගලික සමාගම් වංචා කොට භාණ්ඩ නිෂ්පාදනය කරන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත් ඒ සඳහා නිතිමය පියවර ගැනිමට කටයුතු කරන බවත් අමාත්‍ය පි.හැරිසන් මහතා පවසයි.

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 7.50% දක්වාද, නිත්‍ය ණය පහසුකම් අනුපාතය 8.50% දක්වාද පහළ දමයි.

Read More

නරේන්ද්‍ර මෝදි මහතා දෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ උලෙළ ඊයේ (30දා) පස්වරුවේ නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හි දී පැවැත්විණි.

Read More

සිසේරියන් සැත්කම් හරහා කාන්තාවන් වඳභාවයට පත්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ෂාෆි ෂිහාබ්ඩීන් වෛද්‍යවරයාට එරෙහිව ඊයේ (30දා) දිනය වනවිට ලැබී තිබූ සම්පුර්ණ පැමිණිලි සංඛ්‍යාව 300 ඉක්මවා ගොස් තිබූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ එම පැමිණිලි භාරව සිටින නිලධාරියෙක් සඳහන් කළේය.

Read More

රාජ්‍ය බුද්ධි ප්‍රධානියා මාධ්‍ය ඉදිරියේ නිරාවරණය කර මිලේනියම් සිටි පාවාදීමකට සමාන වැඩ කටයුත්තක් සිදුකළ බවද එම පක්ෂයේ හා සන්ධානයේ නියෝජිතයෝ පෙන්වා දෙති.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී ආරක්ෂක ලේකම්වරයා හා ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් දේශපාලඥයන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීමේ සිදුවීම නිසා ජනාධිපති මෛත්‍රී හා අගමැති රනිල් අතර පවතින මත ගැටුම උග්‍රවී ඇතැයි ’අද’ට වාර්තාවේ.

Read More

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා වහාම සිය ඇමතිධූරයෙන් ඉවත් විය යුතුව ඇතියි අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවැසීය.

Read More

පාස්කු දා ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් 9 දෙනා භාවිත කළ ජංගම දුරකතන අංක සහ ඔවුන් වෙත ලැබී තිබූ ඇමතුම් අංක ඇතුළු දුරකතන අංක 1,800ට අධික ප්‍රමාණයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්ලේෂණය කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

Read More

අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ක්‍රියාවට නැංවූ ජනතාවාදී වැඩසටහන්වලට පහර දි තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කිරීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

Read More

2015 සිට මේ දක්වා රජය මඟින් හා අර්ධ රාජ්යඇ හා පෞද්ගලික අංශය මඟින් සිදු කොට ඇති වංචා, දූෂණ, නීතිවිරෝධී ක්රිරයා, දේශපාලන පළිගැනීම් හා අනිකුත් සියලුම අකටයුතුකම් පිළිබඳ පැමිණිලි භාර ගැනීමට ඔම්බුස්මන්ට් කාර්යාලයක් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කිරීමට කටයුතු කර ඇත.

Read More

පාස්කු ඉරිදා එල්ල වුණු බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසුව මෙරට සංචාරක කර්මාන්තයේ සිදුවූ කඩා වැටීම නිසා හානි සිදුවුණු සංචාරක සේවා සම්පාදකයන්ට මුදල් අමාත්‍යාංශය මගින් ලබා දී ඇති සහන පැකේජය සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව දැන් පවතින බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

තලංගම ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානයකට කඩාවැදී එහි දේපළ වලට හානි කිරීමේ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතීපතිවරයා අභියාචනාධිකරණයට ඉදිරිපත් කොට තිබු අභියාචනය නිශ්ප්‍රභ කොට ඇති බව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳ මහතා බොදුබල සේනා සංවිධාධනයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් 13 දෙනාට අද (30) දැනුම් දුන්නේය.

Read More

ආරක්ෂක වාතාවරණය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබූ දුම්රිය මඟින් පාර්සල් ප්‍රවාහනය කිරීමේ කටයුතු ජුනි මස 01 වනදා සිට යළි ආරම්භ කරිමට තිරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අනුරාධපුර නව නගරයේ බස්නැවතුම් පොළ ඉදිරිපිටදී අද (30 දා) දහවල් මෝටර් රථයක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ගිනි ගැනීමකට ලක්ව තිබේ.

Read More

කොළඹ කුරුඳුවත්ත සිනමන් ග්‍රෑන්ඩ් සුපිරි නිවාස සංකිර්ණයේ නිවසක් කුලියට ගෙන මහ පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු මුස්ලිම් ජාතික කෝටිපති ව්‍යාපාරිකයෙකු රුපියල් ලක්ෂ පහළොවක ආසන්න වටිනා විවිධ මත්ද්‍රව්‍ය සමඟ ඊයේ (29) අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලීසිය පවසයි.

Read More

මඩකලපුව නගරයට යාබද ඇති පුම්බකාර ප්‍රදේශයේ වැවේ අධිබලැති ක්ලේමෝ බෝම්බයක් ඊයේ සවස සොයා ගෙන ඇත.

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති උළෙලට සහභාගිවීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) දහවල් නවදිල්ලි නුවරට ළගා විය.

Read More

මහින්ද රාජපක්ෂ පාලන සමයේ අපි කිසිදු අවස්ථාවක හදිසි විදුලිය මිලදී ගැනීම් නොකළ බවත් රටේ විදුලි හිඟය ගැනත්, හදිසි විදුලි මිලදි ගැනීම් නිසා පාරිභෝගිකයාටත්, රටටත් වුණු හානිය ගැන සලකා බලා අඩු මිලට විදුලිය නිපදවීමේ බලාගාර නිර්මාණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය

Read More

කුවේට් රාජ්‍යයේ ගෘහස්ථ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා ජුනි 3වන දින සිට එරට තුළ ක්‍රියාත්මක වන රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දි ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Read More

පැල්මඩුල්ල පොලිස් වසමේ නාරංගොඩ ප්‍රදේශයේදි සැමියා විසින් තම බිරිඳට පොරවකින් අද (30) පහර දි මනුෂ්‍ය ඝාතනයක් කර ඇති බවට පැල්මඩුල්ල පොලීසියට ලද තොරතුරක් අනුව විමර්ශන සිදු කරනු ඇත.

Read More

බණ්ඩාරගම ප්‍රදේශිය සභාව ඉදිරිපිට මාර්ගය අසල තිබි විවිධ වර්ගයේ ගිනිඅවි වලට යොදන ජීව උණ්ඩ 73ක් අඩංගු බෑගයක් අද (30) හමුවු බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

Read More

කිලිනොච්චිය, සෙල්වනගර් ප්‍රදේශයේදි දෙපිරිසක් අතර ඊයේ (29) සවස ඇතිවු ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් නව දෙනෙකු තුවාල ලබා දේපළ හානිද රැසක් ඇති බවට කිලිනොච්චියේ පොලීසිය පවසයි.

Read More

මහියංගන පොලිස් වසමේ රන් ආලේපිත ලෝහ කැබලි ව්‍යාජ ලෙස මුදලට විකුණන බවට මහියංගන පොලීසියට ලද තොරතුරක් මත මහියංගන පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදු කර කිලෝ1 ග්‍රෑම් 750ක් බරැති රන් ආලේපිත ලෝහ කැබිලි 5ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කොහුවල පොලිස් වසමේ සරණංකර මාර්ගයේ පිහිටා ඇති වෙළඳසැලක් තුළදි කොහුවල පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කළ ව්‍යාජ 500 මුදල් නෝට්ටු 41ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

අන්තවාදි ත්‍රස්තවාදයට සම්බන්ධතා ඇති බව පවසමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ආණ්ඩුකාරවරුන් වන හිස්බුල්ලා සහ අසාද්සාලි යන අය වහාම එම තනතුරුවලින් ඉවත් කරන ලෙසට ඉල්ලා වවුනියාවේ සිංහල, දෙමළ ප්‍රදේශ රැසක පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කොට ඇත.

Read More

බණ්ඩාරවෙල පොලීසියට ලැබුණු තොරතුරක් මත අද (30) අලුයම් කාලයේ කළ සෝදිසියකදි ඔත්තෙකඩේ ප්‍රදේශයේ නිවසක තිබී , යුධ හමුදා කැලෑ ඇදුම්වලට සමාන කැමා ටී ෂර්ට් 2ක් , කොටකලිසම් 2ක් දිග කලිසම් 1ක් හා ජර්සි 2ක් සොයාගෙන තිබේ .

Read More

කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු පීඨයන් දින නියමක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබේ.

Read More

පසුගිය මාසයේදී ජනපතිවරයා තිරුපති වන්දනාවක් සඳහා ඉන්දීයාවේ සංචාරයකට එක්විය.

Read More

ක්‍රිකට් වසන්තය එසේත් නොමැතිනම් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (30දා) එංගලන්තයේදී ආරම්භවීමට නියමිතව තිබේ. තරගාවලිය ආරම්භ කරමින් දකුණු අප්‍රිකාව හා සත්කාරක එංගලන්තය පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.

Read More

නොච්චියාගම, සිංහාරගම ප්‍රදේශයේදී නොච්චියාගම සිට අනුරාධපුර දෙසට ගමන්ගත් ත්‍රිරෝද රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කන්ටේනර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.