කිලිනොච්චියේ දෙපිරිසක් අතර ගැටුමක් - 09 දෙනෙකුට තුවාල
කිලිනොච්චිය, සෙල්වනගර් ප්රදේශයේදී දෙපිරිසක් අතර ඊයේ (29) සවස ඇතිවු ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් නව දෙනෙකු තුවාල ලබා දේපළ හානිද රැසක් ඇති බවට කිලිනොච්චියේ පොලීසිය පවසයි.
කිලිනොච්චිය පොලීසිය පැවසුවේ කිලිනොච්චිය සෙල්වනගර් ප්රදේශයේ දෙපිරිසක් අතර වු බහින්බස් වීමක් දුරදිග යාමෙන් එය ආරවුලක් දක්වා වැඩි වී මෙම ගැටුම හටගෙන ඇති බවටයි.
අදාළ ගැටුමින් කාන්තාවන් හය දෙනෙකු හා පිරිමි පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර, නිවසක් හා යතුරුපැදියකටද ගිනි තබා නිවසක දේපළ වෙතද හානි සිදු කොට ඇති බවට පොලීසිය විසින් අනාවරණය කොට ගෙන ඇත.
ප්රදේශවාසීන් පැවසුවේ ගැටුමින් තුවාල ලැබු පිරිස කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති අතර ගැටුමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
