විපක්ෂනායක මහින්දගේ මුලිකත්වයෙන් ආරම්භ වන අලුත් කාර්යාලය
2015 සිට මේ දක්වා රජය මඟින් හා අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශය මඟින් සිදු කොට ඇති වංචා, දූෂණ, නීතිවිරෝධී ක්‍රියා, දේශපාලන පළිගැනීම් හා අනිකුත් සියලුම අකටයුතුකම් පිළිබඳ පැමිණිලි භාර ගැනීමට ඔම්බුස්මන්ට් කාර්යාලයක් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කිරීමට කටයුතු කර ඇත.
ඒ අනුව 2019 ජුනි මස 03 වන සඳුදා දින පෙ.ව. 10.00 ට කොළඹ -07, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, නො.30 පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මෙම ඔම්බුස්මන්ට් කාර්යාලය ආරම්භ කරනු ලැබේ.
සතියේ සෑම වැඩ කරන දිනකම පෙ.ව. 9.00 සිට මධ්‍යාහ්න 12.00 දක්වා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාගේ මූලිකත්වයෙන් මෙම ඔම්බුස්මන්ට් කාර්යාලය ඉහත ලිපිනයේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ දී ක්‍රියාත්මක වේ.
තමන්ට සිදුවී ඇති ඕනෑම අසාධාරණයක්, වංචාවක්, දූෂණයක් හෝ මූල්‍ය අවභාවිතයක් සම්බන්ධ සියලු තොරතුරු මෙම ඔම්බුස්මන්ට් කාර්යාලය වෙත ඉදිරිපත් කරන මෙන් විපක්ෂනායකතුමා විසින් සියලුම මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
කෂිනි හපුආරච්චි

popular news
-
chathuri Thursday, 30 May 2019 07:46 PM
කරන්න. තියෙන අසික්කිත. වැඩ කරලා. දැන් කාර්යාල අරිනවා වෙඩි නොවදින වාහන. ඉල්ලනවා , ඕවට. උල් පන්දම්. දෙනකොට හිතුවද මෙහෙම දෙයක්. වෙයි කියල. , හැමදේම. කරලා මම දන්නේ නැහැ. මට මතක. නැහැ කියන්න. ඉන්නේ. , රට. කරන. අය කරපු. දෙන බොරුවට වැඩ වැඩිකරන්න. එපා. අන්ත වාදීන්ට වැටුප් දුන්නා වගේ තවත්. සෙල්ලමකට ලෑස්ති වෙන්නේ
Reply : 1 47
Don Thursday, 30 May 2019 08:13 PM
කාර්යාලයේ වැඩ කරන අයට පඩි ගෙවන්නේ පොහොට්ටු අරමුදලෙන්ද? නැත්නම් මහජන මුදල්වලින්ද? සොහොන් හදන්න වියදම් කලාවගේද?
Reply : 1 26
Lion Friday, 31 May 2019 06:55 AM
මේ sapayen අප ගැලව්න්නේ කවදද
Reply : 1 19
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

