කැමා ඇදුම් වලට සමාන ඇදුම් තොගයක් ඔත්තෙකඩේ සොයා ගැනේ
බණ්ඩාරවෙල පොලීසියට ලැබුණු තොරතුරක් මත අද (30) අලුයම් කාලයේ කළ සෝදිසියකදි ඔත්තෙකඩේ ප්රදේශයේ නිවසක තිබී , යුධ හමුදා කැලෑ ඇදුම්වලට සමාන කැමා ටී ෂර්ට් 2ක් , කොටකලිසම් 2ක් දිග කලිසම් 1ක් හා ජර්සි 2ක් සොයාගෙන තිබේ .
එම නිවසේ මිදුලේ තිබී අඩි 2ක ගංජා පැළයක්ද හමුවූ බව පොලීසිය පවසයි.
නිවෙස් හිමි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර බණ්ඩාරවෙල පොලීසිය සැකකරුගෙන් වැඩිදුර ප්රශ්න කරමින් සිටී.
සැකකරු එම් .එච්. එස් .මධුරංග නැමැත්තෙක් බව පොලීසිය සඳහන් කරයි .
බදුල්ල - පාලිත ආරියවංශ

popular news
-
Champa Thursday, 30 May 2019 07:46 PM
ලංකාව පුරාම යුධ හමුදා හා සමාන ඇඳුම් තියෙන එක ගැන පරීක්ෂණයක් යුධ හමුදාව සහ පොලිසිය දෙකම පටන් ගන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

