පාස්කු දා ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් 9 දෙනා භාවිත කළ ජංගම දුරකතන අංක සහ ඔවුන් වෙත ලැබී තිබූ ඇමතුම් අංක ඇතුළු දුරකතන අංක 1,800ට අධික ප්‍රමාණයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්ලේෂණය කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට කළ විමර්ශනයේ දී අංක 1,800ක ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙම බෝම්බකරුවන් සමඟ සබඳතා පැවැත් වූ පුද්ගලයන් සහ ඔවුන්ට ඇමතුම් ලබාදුන් පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ගත හැකි බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
එම අංක අනුව මේ වනවිටත් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඉදිරියේදී ඔවුන්ගෙන් ප්‍රශ්න කර ඔවුන් මෙම ත්රස්තවාදීන් සමඟ පැවැත් වූ සබඳතා හෙළි කරගන්නා බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
