saravita-anim2

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11009 hours ago

LATEST

නුවර වෙළඳසැල් වසයි

calendar_today 2019 ජුනි 03 - 09:15 remove_red_eye - 1213  

උපවාසයක නිරත අතුරුලියේ රතන හිමියන්ට සහාය පළකරමින් මහනුවර නගරයේ වෙළඳ සැල් අද පෙරවරුවේ වසා දැමීමට ව්‍යාපාරිකයන් තීරණය කර තිබේ

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි වාර්තා වේ.

Read More

ඉල්ලීම් හතරක් මුල් කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසය සිවුවැනි දිනයට අදත් ක්‍රියාත්මක වෙමින් පවතී.

Read More

බදුල්ල මහ රෝහලේදී මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙකු විසින් සිසේරියන් සැත්කම් සිදු කිරීමෙන් පසු නැවතත් තමන්ට දරුඵල නැතැයි පවසමින් මවුවරුන් දෙදෙනෙකු පසුගිය සිකුරාදා (31) බදුල්ල මහ රෝහලේ රෝහල් අධ්‍යක්ෂවරයාට පැමිණිලි කර තිබේ.

Read More

සහල් මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා දේශීය සහල් වර්ග තුනකට පාලන මිලක් නියම කර තිබේ.

Read More

ත්‍රිකුණාමලය වරාය ඉඩම තුළ යකඩ කර්මාන්ත ශාලාවක් ඉදිනොකරන බවත්, ඒ සඳහා විකල්ප ඉඩමක් ගැන සොයාබලන ලෙස වරාය අධිකාරිය සඳහන් කරන බවත් වරාය හා නාවික කටයුතු, දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙනුවෙන් ලබාගන්නා ආසන 51 සුඛෝපභොගී බස් රථ ඉදිරියේදී ශ්‍රී ලංකාවට නැව්ගත කිරිමට නියමිත බව King Long ශ්‍රී ලංකා සමාගම සඳහන් කරයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ජනතාව අසරණව සිටියදී ආණ්ඩුව කොළඹ නැගෙනහිර ජැටිය ඉන්දියාවට හා ජපානයට විකුණා දමා තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

දැනට අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය වරයා දඹුල්ල රෝහලේ සේවය කරන කල්හි සිසේරියන් සැත්කම් සිදුකළ එහෙත් මේ වන තුරුත් ළමයෙකු පිළිසිඳ ගැනීම නොමැති වූ කාන්තාවන් 65 දෙනකු අද (02දා) ට දඹුල්ල පොලිසියට සහ දඹුල්ල මූලික රෝහලට පැමිණ පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

Read More

රෝග වැළැක්වීම සහ නිවාරණයට අදාළ වැඩසටහන් වඩා පුළුල් හා ප‍්‍රවර්ධනය විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

වැල්ලවත්තේ සිට ගල්කිස්ස කිලෝමීටරයක් දුරට වෙරළ තීරය භාවිත කිරීම සීමා කරන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ නොයෙකුත් ආකාරයෙන් ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හොරොව්පතාන පොලීසියට ලද බුද්ධි තොරතුරකට අනුව විමර්ශන සිදුකර සැකකරුවෙකු ඊයේ (01දා) දෙහිවල පොලිස් වසමේදි අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පොලිස්පති ධුරයෙන් අනිවාර්ය නිවාඩු යැවූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට නොහැකිවීම සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට චෝදනා එල්ල කර තිබේ.

Read More

ඉල්ලීම් හතරක් මුල්කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතනහිමියන් බැහැ දැකීම සඳහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද මහනුවර දළඳා මාළිකගාව ඉදිරිපිටට වැඩම කළහ.

Read More

රාජ්‍ය සේවක ඇඳුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, අපදා කළමනාකරණ අමාත්‍යාංශය නිකුත් කළ චක්‍ර ලේඛය අහෝසි කළ බව කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

පළමු තරගයෙන් ශ්‍රි ලංකා කණ්ඩායම පරජයට පත්වුවත් ඉදිරි තරගවදීලදී ප්‍රෙක්ෂකයන්ගේ සහාය බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සඳහන් කරයි.

Read More

අත්අඩංගුවට පත් සැකකරු මොහොමඩ් නිසාර් ඉම්රාන් නොහොත් ජෝන් වෝල්ක් යන නමින් හැඳින්වෙයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මහනුවර ශ්‍රී දළදා මාලිගව ඉදිරිපිට ආරම්භ කර ඇති උපවාසය තෙවැනි දිනට අදත් ක්‍රියාත්මක කරමින් සිටිති.

Read More

පලාලි කඳවුරට අයත් වාසවිලාන් ප්‍රදේශයේ නිසැක නොකරන ලද ඉඩමක තිබූ පැරණි පුපුරණ උපකරණයක් (Explosive Device) අනපේක්‍ෂිත ලෙස පිපිරීම හේතුවෙන් ඊයේ (01දා) දින සවස 3.30 ට පමණ සෙබලෙකු ජීවිතක්‍ෂයට පත්ව තවත් සෙබළුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව හමුදාව නිවේදනය කරයි.

Read More

උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකය ලබාදීමේ වැඩසටහනක් ඉදිරියේදී රට තුළ ක්‍රියාත්මක කරන බවත් එය රටේ ආරක්ෂාවට විශාල වශයෙන් හේතු සාධක වන බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

Read More

යාපනය පලාලි ගුවන් හමුදා කඳවුර ප්‍රදේශයේ පිහිටි වාසවිලාන් යුද හමුදා කඳවුර ආසන්නයේ කැලෑවක ඊයේ (01දා) සවස සිදු වූ පිපිරීමකින් යුද හමුදා සෙබලෙකු මිය ගොස් තවත් සෙබලුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව කන්කසන්තුරෙයි පොලීසිය පවසයි.

Read More

සියලුම සංවිධාන හා සංඝයා වහන්සේලා රටේ තැන් තැන් වල හුදෙකලා සටන් නොකර සැබෑ ලෙසම ජාතියට ආදරයක් ඇත්නම් ජාතික ව්‍යාපාරයකට එකතුවිය යුතු බවත් සියලුම නිකායන් එකට එකතුව රට ගොඩනගන වැඩපිළිවෙළකට එක්විය යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

Read More

කිසිඳු රටක විදේශීය හමුදාවක් කිසිඳු අවස්ථාවක කිසිඳු අයුරකින් මෙරටට ගෙන්වීමට තමා ජනාධිපතිධූරයේ සිටින තුරු කටයුතු නොකරන බවත් ඊට ඉඩ ලබා නොදෙන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි

Read More

අකුරැස්ස පොලිස් වසමේ සිදුකළ වැටලීමක් අතරතුරදී වෙඩි තබා පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අද අලුයම 2.50ට පමණ ඌරුමුත්ත උඩකන්ද ප්‍ර දේශයේ සිදුකළ මෙහෙයුමකදී පොලිස් වෙඩි පහරින් එම සැකකරුද ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එක්වූ පළමු තරගයෙන් දරුණු පරාජයක් ලැබීය.

Read More

නායක දිමුත් කරුණාරත්න ලකුණු 52ක් රැස්කරමින් නොදැවී පිටියේ රැදී සිටියේය. කුසල් ජනිත් ලකුණු 29ක් රැස්කළේය.

Read More

මාස තුනකට අධික කාලයක් අත්හිටුවා තිබූ පාකිස්තාන සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් අද (01දා) දහවල් සිට යළි ආරම්භ විය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම - ළහිරු තිරිමාන්න, දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජයද සිල්වා,ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, ඉසුරු උදාන, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග

Read More

පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් මහනුවර දළඳා මාළිඟාව ඉදිරිපිට ආරම්භ කළ උපවාසයට සහාය පළ කරමින් ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් තේරී පත්ව පසුව ඒකාබද්ධ විපක්ෂයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. විලෙයාන්ද්‍රන් මහතා මඩකලපුවේ උද්‍යානය අසළ උපවාසයක් ආරම්භ කළේය.

Read More

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්, නැගෙනහිර හා බස්නාහිර ආණ්ඩුකාරවරුන් වන එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා අසාත් සාලි යන මහත්වරුන් එම ධුරවලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් මහනුවර දළඳා මාළිඟාව ඉදිරිපිට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසය තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටිති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.