නව දිල්ලියට ගිය ජනපතිට ඉහළ පිළිගැනීමක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්රාප්ති උළෙලට සහභාගිවීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) දහවල් නවදිල්ලි නුවරට ළගා විය.
නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් විසින් ජනාධිපතිතුමා හරසරින් පිළිගන්නා ලදි.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හි දී අද පස්වරුවේ පැවැත්වෙන දිවුරුම් දීමේ උළෙලට සෙසු රටවල් රැසක රාජ්‍ය නායකයන් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක්වීමට නියමිතය.





popular news
-
Champa Thursday, 30 May 2019 07:33 PM
ශ්‍රී ලංකාවේ අනේවාසික ජනාධිපති!!! This is Sri Lanka's non-resident President. ඕනේ එකක් ඇහැව්වොත් මං දන්නේ නෑ මට කිව්වේ නෑ. හේතුව ලංකාවට එන්නේ දවස් 20ක 30ක කෙටි නිවාඩුවකට විතරයි. අනිත් මුළු කාලෙම පිටරට නවාතැන්. නෙද්දකින්. පුදුමයක් නෙමෙයි මෙයාට චන්දෙ දීපු මිනිස්සු දැන් දිවි නසා ගන්න හදනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

