ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවැනි පදවි ප්රාප්ති උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30දා) උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගියේය. ඔහු සමග තවත් 12 දෙනෙකුන් යුත් දූත පිරිසක් මෙම සංචාරයට එක්වූයේය.
ඔවුහු අද (30දා) උදෑසන 8.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.282 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.
පසුගිය මාසයේදී ජනපතිවරයා තිරුපති වන්දනාවක් සඳහා ඉන්දීයාවේ සංචාරයකට එක්විය.
ටී.කේ.ජී. කපිල
