රජය ලබා දෙන පොහොර සහනාධාරය යටතේ ආනයනය කරනු ලබන රසායනික පොහොර කුඨ ලෙස පෞද්ගලික සමාගම් වංචා කොට භාණ්ඩ නිෂ්පාදනය කරන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත් ඒ සඳහා නිතිමය පියවර ගැනිමට කටයුතු කරන බවත් අමාත්‍ය පි.හැරිසන් මහතා පවසයි.
පොහොර ලේකම් කාරියාලයේ නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවකදි අමාත්‍යවරයා මේ බව පැවසිය.
“ නමුත් කෘෂිකාර්මික නොවන භාණ්ඩ නිෂ්පාදනයේදී ඇතැම් ප්‍රසිද්ධ ආයතන කිහිපයක් රජය විසින් ලබා දෙන පොහොර කූඨ ලෙස භාවිත කරනවා කියලා තොරතුරු ලැබිලා තියෙනවා. මේ සමාගම් වලට පොහොර අවශ්‍යතාවයක් තියෙනවා නම් සහනාධාර මුදලට නොව ආනයනනික මුදලට නිසි අවසරයක් ඇතිව මිලදී ගන්න පුලුවන්.
නමුත් සහනාධාර මිලට සහනාධාර පොහොර කූට ලෙස මිලදී ගන්න මෙම සමාගම් කටයුතු කිරීම කනගාටුදායක කරුණක්. මම මේ පිළිබඳව නීතියෙන් කටයුතු කරන්න පොලිස්පතිතුමා, නීතිපති තුමා දැනුවත් කරන ලෙස අමාත්‍යාංශ ලේකම් තුමන්ට උපදෙස් දුන්නා. මම හිතනවා මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් ඉල්ලන්න.
අපි දන්නවා රජයේ සහනාධාර යටතේ ගොවි ජනතාවට ලබා දෙන පොහොර අවභාවිතාව 1982 අංක 12 පොදු දේපල පනත යටතේ රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමක් ලෙස නඩු පැවැරිය හැකියි”
