මහින්ද රාජපක්ෂ කාලයේ කිසිදු අවස්ථාවක විදුලිය මිලදි ගත්තේ නෑ - පවිත්‍ර
මහින්ද රාජපක්ෂ පාලන සමයේ අපි කිසිදු අවස්ථාවක හදිසි විදුලිය මිලදී ගැනීම් නොකළ බවත් රටේ විදුලි හිඟය ගැනත්, හදිසි විදුලි මිලදි ගැනීම් නිසා පාරිභෝගිකයාටත්, රටටත් වුණු හානිය ගැන සලකා බලා අඩු මිලට විදුලිය නිපදවීමේ බලාගාර නිර්මාණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය
මන්ත්‍රීතුමිය මෙම අදහස් පළ කළේ අද (30) ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පැවති පක්ෂ රැස්විමට එක්වෙමිණි
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීතුමිය,
මෙගාවොට් 40කින් යුක්ත උමාඔය ජල විදුලි බලාගාරය අපි දෙන අවස්ථාවේ 80%ක් වැඩ අවසන්. මෙගාවොට් 25 කින් යුක්ත රෝඞ්ලන්ඞ් බලාගාරය අපි 40%ක් වැඩ අවසන් කරලා තිබුණා. මෙගාවොට් 35කින් යුක්ත මොරගහකන්ද ජල විදුලි බලාගාරයෙන් 70%ක් වැඩ අවසන් කරලා තිබුණා. මෙගාවොට් 25කින් යුක්ත මොරගොල්ල විදුලි බලාගාරයෙන් 25%ක් වැඩ අවසන් කරලා තිබුනේ. අපේ යුගයේ මෙවැනි විදුලි බලාගාර රැසක් ඇරඹුවත් ගෙවුනු වසර කිහිපයේ මේ රජය කිසිදු විදුලි බලාගාරයක් හැදුවේ නැහැ.
ඒ කාලයේ හදපු විදුලි බලාගාර කිසිවක් විදුලි බල පද්ධතියට එකතු කරන්න පියවර ගත්තෙත් නැහැ. ඉන්දියානු රජයත් එක්ක මෙගාවොට් 500 ගල් අගුරු බලාගාරයක් සාම්පූර්වල හදන්න සුදානම් කළා.
ඒ සඳහා ශ්‍රී ලංකා රජයත් ඉන්දියානු රජයත් එක්ව සමාගමක් හදලා සාම්පූර්වල ඒ සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කරගැනීමත් කළා. ඒකකයක් රුපියල් 9ට ජාතික විදුලි බල පද්ධතියට එක් කරන්නයි සූදානම තිබුණේ. 2017 වර්ෂයේ මේ බලාගාරය අපේ පද්ධතියට එක් කරන්නයි සූදානම තිබුණේ. ටෙන්ඩර් කැඳවලා බලාගාරය පටන් ගන්න විතරයි තිබුණේ. මේ ආණ්ඩුවට ඕන වුනේ මඩි තර කර ගැනීමට පුද්ගලික විදුලි බලාගාර ගේන්නයි.
යුද්ධය ඉවර වෙන වෙලාවේ සම්පේෂණ පද්ධති බිඳ වැටිලා තිබුණා. අපේ සේවකයෝ ඉතා ඉක්මනින් ඒ සියල්ල යථා තත්ත්වයට පත් කරලා ආණ්ඩුව භාර දෙන විට උතුරට 100%ක් විදුලිය දුන්නා.
උතුරේ ජනතාව තමන්ගේ ජිවිකාව අරඹන තෙක් රජයයි විදුලි බිල ගෙව්වේ. විදුලි බල ක්ෂේත්රයේ අප ගෙන ගිය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන ගියා නම් කවදාවත් විදුලි හිඟයක් රටේ ඇති වෙන්නේ නැහැ. මේ අකාර්යක්ෂම, රට ගැන නොහිතන වැඩ බැරි වගකීම් විරහිත පාලකයින් අඩු මිලට විදුලිය දෙන්න අවශ්‍ය පියවර නොගත් බව මන්ත්‍රීතුමිය වැඩිදුරටත් පැවසීය.

popular news
-
Dayan Thursday, 30 May 2019 04:19 PM
පැරකුම්බා රජතුමාගේ කාලෙත් විදුලිය මිලදී ගත්තේ නෑනේ.
Reply : 0 5
sunethra subasinghe Thursday, 30 May 2019 05:15 PM
නින්න්දෙන් ඇහැරිලා වගෙයි මෙයා ගේ කතාව .නියන් කාල එනවා.ඒවා කාලගුණික ප්‍රශ්න ඒවා වලක් වන්න සක්කරයා බිමට බහින්නද කියන්නේ.මේගොල්ලන් ගේ කලේ මෙහෙම දියුණුවක් ඇති උනාද ?සංවර්ධනයේදී භාවිතා කරන විදුලිය කොහෙන් හරි ගන්න ඕනේ.මෙයා තාම ජිවත් වෙන්නේ 19 සියවසේ .
Reply : 0 9
rocky Thursday, 30 May 2019 06:41 PM
බොහොම හරි. අපි දන්නවා! "පාන පත්තු නොකෙරුවාට - ගෙදර එලිය වැටෙයි රෑට - ඔය නාබර මජර පාට ...."!!
Reply : 0 3
chathuri Thursday, 30 May 2019 07:53 PM
විදුලිය. තිබුනත් නැතත් ජනතාව බයට කට වහගෙන හිටියේ සුදු වැන් එකේ. යන්න බය නිසා. මිනිසුන්ට. විදුලිය නැතිකොට මොකටද. මිලදී. ගන්නේ අප්පච්චි ගේ. ඔඩොක්කුවේ නලවුනේ නැහැ. නේද. කලකින්
Reply : 0 11
Lion Friday, 31 May 2019 06:58 AM
එනවර Gedara gos kalaya ගත karanna obala මේ රටට සාපයක්
Reply : 0 12
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

