රාජ්‍ය බුද්ධි ප්‍රධානියාට අනතුරක් වුවොත් වගකීම එජාපයේයි
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ තේරීම් කාරක සභාව ඉදිරියට ගෙන ගිය රාජ්‍ය බුද්ධි ප්‍රධානියාට අනතුරක් සිදුවුව හොත් එහි වගකීම එක්සත් ජාතික පක්ෂය භාරගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
රාජ්‍ය බුද්ධි ප්‍රධානියා මාධ්‍ය ඉදිරියේ නිරාවරණය කර මිලේනියම් සිටි පාවාදීමකට සමාන වැඩ කටයුත්තක් සිදුකළ බවද එම පක්ෂයේ හා සන්ධානයේ නියෝජිතයෝ පෙන්වා දෙති.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලිය යුතු බවත්, එහෙත් ජාතික ආරක්ෂාවට සම්බන්ධ දේවල් නිරාවරණය නොකළ යුතු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
මෙම කමිටු විරුද්ධ පක්ෂයේ නියෝජනයකින් තොරව ආණ්ඩුව රකින කණ්ඩායමක් මෙම කමිටුව නියෝජනය කරන බවද ඒ මහතා පවසා සිටියේය.
බුද්ධි අංශ තොරතුරු හෙළි කිරීම ඉතාමත් භයානක ක්‍රියාවක් බවත්, ලෝකයේ කිසිම රටක මෙවැනි ක්‍රියා සිදුනොකරන අතර, බුද්ධි අංශ භාවිත කරන වචන පවා හෙළි කරන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
එමෙන්ම රටේ අවාසනාවට රටේ දේශපාලනඥයන් මේවා හෙළිදරව් කරන බවත්, මිලේනියම් සිටි සිද්ධිය හෙළිදරව් කර බුද්ධි අංශය විනාශ කළ අතර, පසුගිය කාලයේ බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අකර්මන්‍ය කර දැමූ බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.
වර්තමානයේදී සිදුවන්නේ මෙවැනි ක්‍රියාවක් බවත්, සිදුකරන හෙළිදරව් කිරීමට රටට පමණක් නොව ජාත්‍යන්තරයටත් යන ආකාරයට විවෘත කර තිබෙන බවත් හෙතෙම පැවසීය.
එසේම සිදුකරන පරීක්ෂණයට විරුද්ධ නොමැති බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් මේ පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත්කර තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
තොරතුරු සොයා බැලීමට පාර්ලිමේන්තු කමිටුවක් පත්කර පරීක්ෂණ කළ හැකි බවත්, එහෙත් රාජ්‍ය ආරක්ෂාවට බලපාන බුද්ධි කරුණු පිළිබඳ විවෘතව සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය දක්වන බවත් ඒ මහතා පවසා සිටියේය.
බුද්ධි අංශයට වැටුප් ගෙවන ක්‍රමය පිළිබඳ හෙළිදරව් වී තිබෙන බවත්, මෙම කටයුතු රටට විශාල හානියක් බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම කමිටුව තුළ විවිධ චෝදනාවලට ලක්වූ අය සිටින බවත්, එලෙස චෝදනා එල්ල වී සිටින අය ප්‍රශ්න ඇසීම තුළින් වැදගත්කම නැතිවී ගොස් තිබෙන බවත් මහින්ද අමරවීර මහතා පවසා සිටියේය.
කවුරු ප්‍රශ්න කළද, බුද්ධි තොරතුරු හෙළි නොකිරීමට බුද්ධි අංශ නිලධාරීන්ට හැකියාවක් තිබෙන බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කළේය.
එසේම මෙම කමිටුව ක්‍රියාත්මක විය යුත්තේ ජාතික ආරක්ෂාව ආරක්ෂා වන ආකාරයට බවත්, මෙම කමිටුවේ පරිණතභාවයකින් යුත් සාමාජිකයන් සිටියා නම් මෙවැනි දේ සිදු නොවන බවත් ඒ මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (30දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා සන්ධානයේ නියෝජිතයෝ මෙලෙස සිය අදහස් දැක්වූහ.

popular news
-
Prabath Friday, 31 May 2019 10:06 AM
මේ වගේ මෝඩ ආණ්ඩුවක් ජීවිතෙකට දැකල නැහැ.
Reply : 10 1
Champa Friday, 31 May 2019 10:53 AM
රාජ්‍ය බුද්ධි ප්‍රධානියගේ කතාව අනුව ඔහු ඉල්ලා අස්විය යුතුයි. අනිත් එක ඔහු පාර්ලිමේන්තු යන්න ඉස්සෙල්ල තමන් සේවය කරන රාජ්‍ය නායකයා ආරක්ෂක ඇමති හම්බ වෙලා ඒ ගැන කතා කරන්න තිබ්බ. ඊලඟට කිව යුත්තේ මොනවාද නොකිව යුත්තේ මොනවාද කියල කලින් තීරණය කරන්න තිබ්බ. පාර්ලිමේන්තුවෙන් එන්න කිව්වහම ගියාට එයාට තිබුන පැහැදිලි කරන්න තමන්ට ඒ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න තමන් කරන රාජකාරිය අනුව බැරි බව. ඒ වෙනුවට එයා කතා කලේ හරියට බුද්ධි අංශ නිලධාරියෙක් විදිහට නෙමෙයි නිකම් දේශපාලකයෙක් වගේ. හිරේ ඉන්න හමුදා බුද්ධි අංශ නිලධාරිනුත් එයා කතා කළා වගේ කතා කළා නම්, අද ඔවුන් හිරේ ඉන්නේ නැහැ. තමන්ව නොකරපු වරදකට හිරේ දාල අසාධාරණයක් කළා වුනත් හමුදා බුද්ධි අංශ නිලධාරීන් විදිහට ඔවුන් තමන්ගේ පෞද්ගලික ජීවිතේට වඩා රාජකාරිය උසස් කොට සලකන නිසා තමයි අදටත් හිරේ දුක් විඳින්නේ.
Reply : 8 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

