මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු මුස්ලිම් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට
කොළඹ කුරුඳුවත්ත සිනමන් ග්රෑන්න්ඩ් සුපිරි නිවාස සංකිර්ණයේ නිවසක් කුලියට ගෙන මහ පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු මුස්ලිම් ජාතික කෝටිපති ව්‍යාපාරිකයෙකු රුපියල් ලක්ෂ පහළොවක ආසන්න වටිනා විවිධ මත්ද්‍රව්‍ය සමඟ ඊයේ (29) අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලීසිය පවසයි.
එම නිවස තුළ තිබි වර්ග කිහිපයකට අයත් මත්පෙති හාරසිය දහයක්,හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් තුනයි මිලිග්‍රෑම් තුනක් , කුෂ් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකොළහක් ,විද්‍යුත් තරාදි හා මත්කුඩු පැකට් කිරිමට යොදා ගන්නා කඩදාසි දෙදහස් පන්සීයයක් සොයා ගැනීමට හැකි වු බව පොලීසිය පවසයි.
කුරුඳුවත්ත පොලීසිය යුද හමුදාව සමඟ සිදු කළසෝදිසි මෙහෙයුමකදි මහල් දහයකින් යුතු සුපිරි නිවාස සංකීර්ණයේ තුන්වන මහලේ නිවසක් තුළ මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවු බව පොලීසිය පවසයි.
සිනමන් ගාර්ඩ්න් නිවාස සංකිර්ණයේ පළමු මහලේ නිවසක පදිංචිව සිටි මෙම සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා රුපියල් එක් ලක්ෂ පනස් දහසක මාසික කුලි පදනමක් මත වෙනත් අයෙකුගේ නමින් මෙම නිවස ලබා ගෙන ඇතැයි විමර්ශන වලදි ශෙලි වි ඇති බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා සතුව මරදාන හා පංචිකාවත්ත ප්‍රදේශවල මෝටර් රථ අමතර කොටස් අලෙවි කරන වෙළඳ සැල් තුනක් තිබෙන බවට වැඩිදුරටත් අනාවරණය වි ඇත.
සැකකරු දින 7ක කාලයක් රඳවා ගැනිමේ නියෝගය මත රඳවා ප්‍රශ්න කිරිමට නියමිතය.
බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන්
popular news
-
චිතුුානන්ද Friday, 31 May 2019 04:46 AM
වැරදිකරුගේ ඡාතිය මෙවන් අවස්ථාවක දී විශේස කොට දැක්වීම සුදුසු නොවෙි.එසේ නම් මින් පසුව අත්අඩංගුවට ගන්නා සියලු දෙනාගේ ඡාතිය සදහන් කල යුතුයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

