ජනපති - අගමැති ගැටුම උග්‍ර වෙයි
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී ආරක්ෂක ලේකම්වරයා හා ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් දේශපාලඥයන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීමේ සිදුවීම නිසා ජනාධිපති මෛත්‍රී හා අගමැති රනිල් අතර පවතින මත ගැටුම උග්‍රවී ඇතැයි 'අද'ට වාර්තාවේ.
අදාළ ප්‍රශ්න කිරීම් නිසා ජාතික ආරක්ෂාවට ඉතා සංවේදී කරුණු හෙළිදරව් වීම හා අදාළ දේශපාලඥයින්ගේ ප්‍රශ්න කිරීම් දේශපාලනික ස්වභාවයක් ගැනීම නිසා මෙම අර්බුදය හටගෙන ඇතැයිද වාර්තාවේ.
අදාළ ප්‍රශ්න කිරීම් සිදුවූ ආකාරය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි අප්‍රසාදයට පත්ව ඇති අතර ජනාධිපතිවරයා මේ පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙතද දැඩි විරෝධය දක්වා ඇති බවද ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග %අද^ පුවත්පතට සඳහන් කළේය.
එමෙන්ම, ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා හා ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතාද අදාළ දේශපාලඥයින්ගේ ප්‍රශ්න කිරීම් වලින් පසුව අදාළ සිදුවීම පිළිබඳව ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ දේශපාලඥයින් කීපදෙනෙක් වෙත සිය අප්‍රසාදය හා කණගාටුව ප්‍රකාශ කර ඇතැයිද වාර්තාවේ.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පත්ව සිටින ඇතැම් සාමාජිකයන් පිළිබඳව හා අදාළ කටයුතු මාධ්‍යයට නිරාවරණය කිරීම පිළිබඳව දේශපාලඥයින් කීපදෙනෙකුම දැඩි අප්‍රසාදය හා විරෝධය මේ වනවිටත් පළ කර තිබේ.

popular news
-
Dayan Friday, 31 May 2019 10:10 AM
එතන වැරදි දෙයක් සිදුඋනේ නෑ. සේරම ඇත්ත එලි උනා මහජනයාට. බුද්ධි නිලධාරීන් ගෙන් ඉහල කාටවත් ආරක්ෂාව ගැන කිසිම අවබෝධයක් තිබිල නැහැ. බුද්ධි නිලධාරීන්ට නිසි තැනක දීල තිබිල නැහැ. තමන්ගේ තොරතුරු හරියට දෙන්නටවත් එම නිලධාරීන්ට පහසුකම් කන්දීම් තිබිල නැහැ.ඒක තමඊ ප්‍රහාර සිදුවීමට ලැබී තිබුන පහසුකම.
Reply : 12 253
Champa Friday, 31 May 2019 11:05 AM
බෝම්බ පුපුරන බව දැනගෙන රටටම හංගන් ඉඳලා දාහකට කිට්ටු ගානක් මැරෙන්න සහ තුවාල වෙන්න ඉඩ ඇරපු දුෂ්ඨ දේශපාලකයන්ට දැන් මේ වගේ පරීක්ෂණයක් කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ.
Reply : 210 48
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

