බණ්ඩාරගම ප්‍රාදේශිය සභාව ඉදිරිපිට මාර්ගය අසල තිබි විවිධ වර්ගයේ ගිනිඅවි වලට යොදන ජීව උණ්ඩ 73ක් අඩංගු බෑගයක් අද (30) හමුවු බව බණ්ඩාරගම පොලීසිය පවසයි.
බණ්ඩාරගම ප්‍රාදේශිය සභාවේ සෞඛ්‍ය අංශයේ සේවකයින් පිරිසිදු කටයුතු කරමින් සිටියදි බණ්ඩාරගම පානදුර මාර්ගයේ පිහිටා තිබෙන ප්‍රාදේශිය සභා ප්‍රධාන කාර්යාලයට ප්‍රතිවිරුද්ධ දිශාවේ විදුලි කණු දෙකක් අතර දමා ගොස් ඇති බව දැකිමෙන් අනතුරුව පරික්ෂා කිරිමේදි මෙම ජීව උණ්ඩ දැක ඇතැයි පොලීසිය පවසයි.
පසුව එම සේවකයින් ජීව උණ්ඩ සහිත පාර්සලය බණ්ඩාරගම පොලීසියට භාර දිමට කටයුතු කළ බව පොලිස් නිලධාරියෙකු පැවසීය.
මේ දිනවල යුද හමුදාව හා පොලීසිය එක්ව සිදු කරන සෝදිසි මෙහෙයුම් හේතුවෙන් කිසියම් පුද්ගලයෙකු මේවා රැගෙන විත් මෙම ස්ථානයට ගෙන විත් දමන්නට ඇති බවට බෝහෝ දුරට සැකකළ හැකි යැයි පොලීසිය පවසයි.
ඔහු ආරක්ෂක අංශයට සම්බන්ධ වුවෙකු බවට සිතිය හැකි බවට පොලීසිය වැඩිදුරටත් පැවසීය.
මෙම උණ්ඩ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලීසිය පවසයි.
බණ්ඩාරගම පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන්
