saravita-anim2

2025 අගෝස්තු මස 03 වන ඉරිදා

2025 අගෝස්තු මස 03 වන ඉරිදා

Latest News - timelapse 85 hours ago

LATEST

සංචාරක වීසා හරහා ලංකාවට ඇවිත් වෙන වැඩ කළ විදේශීය කාන්තාවන් 10ක් අල්ලයි

calendar_today 2025 ජුලි 15 - 09:02 remove_red_eye - 448  

කොළඹ , කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය සම්භාහන ආයතනයක් 07/14 දින රාත්‍රී 09.00 ට පමණ විශේෂ වැටලීමක් සිදු කර එහි සේවය කරමින් නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශීය කාන්තාවන් 10 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 176කින් ජයග්‍රහණය කිරීමට සංචාරක ඕස්ට්‍රෙිලියානු කණ්ඩායම ඊයේ(14දා) සමත් විය.

Read More

මීරිගම පොලිස් වසමේ බෝතලේ පහළගම ප්‍ර දේශයේදි වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කර ඇති බව මිරිගම ‍පොලීසිය කියයි.

Read More

කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයන කිරීම සඳහා මෙම වසරේ මුල් මාස පහ තුළදී අමෙරිකානු ඩොලර් මිලියන 161.8 ක මුදලක් වැයකොට ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ජූලි මස 10 වන දින නිකුත් ඇති වාර්තාවක සඳහන් වේ.

Read More

බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ දී අද (15) අලුයම මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වියානා ඇලට පෙරලීයාමෙන් මෝටර් රථයේ ගමන් ගත් දෙදෙනකු මියගිය බව මහියංගන පොලිසිය පවසයි .

Read More

බිත්තර මිල රුපියල් දෙකකින් පහත හෙළීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පියවර ගෙන ඇත. 14 වැනිදා සඳුදා සිට සුදු බිත්තරයක ගොවිපළ මිල රුපියල් 26 දක්වා රුපියල් දෙකකින් පහත දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර ඇත. ඒ අනුව රතු බිත්තරයක මිලද රුපියල් දෙකකින් පහත හෙළීමට පියවරගෙන තිබූ අතර එහි නව ගොවිපළ මිල වශයෙන් රුපියල් 28ක් ලෙස දක්වා තිබේ.

Read More

ආයුර්වේද ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් 304 ක් සදහා පත්වීම් ලබාදීමට අනුමතව තිබේ.

Read More

බොහෝ දෙනෙකුගේ අවධානය යටතේ මේ වන විට ප්‍රතිකාර ලබා ගනිමින් සිටින භාතිය ඇතා වැතිර සිට පැත්ත මාරු කිරීමට අද දිනයේදී කටයුතු කරනු ලැබීය.

Read More

දීවයිනේ ආර්ථික මධ්‍යස්ථාන දාහතරක රුපියල් කෝටි 500ක මුදලක් ව් ්‍යාපාරිකයන් විසින් ආරක්ෂා කොට තැන්පත් කර තිබෙ දීවයිනේ ආර්ථික මධ්‍යස්ථාන දාහතරක රුපියල් කෝටි 500ක මුදලක් ව් ්‍යාපාරිකයන් විසින් ආරක්ෂා කොට තැන්පත් කර තිබෙන බවත් ඉතා න බවත් ඉතා සූක්ෂම ලෙස පෞද්ගලික සමාගමක් හරහා එම මුදල ලබා ගැනීමේ යටි අරමුණ ඇතිව ඇමති වරයා ක්‍රියා කරන බව සීමා සහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනීන් වෙළඳ සංගමයේ සභාපති රෝහණ බණ්ඩාර මහතා 14 දින පැවසීය

Read More

එකදු හෙදියක්වත් නොමැති ප්‍රාදේශීය රෝහල් 33 ක් උතුරු පළාත තුළ පවතින බවට සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙයි.

Read More

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය යටතේ වන යාපනය කයිතඩි සිද්ධ ශික්ෂණ රෝහල පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට ලක් විය. එම නිරීක්ෂණයෙන් අනතුරුව පැවැති විශේෂ රැස්වීමක දී අමාත්‍යවරයා ඉහත කරුණු අනාවරණය කරන ලදි.

Read More

විගණකාධිපති තනතුර මේ වසරේ අප්‍රේල් මාසයේ සිට පුරප්පාඩුව ඇති නමුත් ඒ සඳහා සුදුසුකම් ඇති දැනට වැඩ බලන ධර්මපාල ගම්මන්පිල මහතාට තිබියදී ජනපතිගේ හිතවතෙක් එම තනතුරට පත්කිරීම සඳහා ජනපතිවරයා කටයුතු කරමින් සිටින බව හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

Read More

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිවරයා ඉවත් කොට පළපුරුද්දක් සහිත දක්ෂ විදුපති වරයෙකු පත්කරන ලෙස ඉල්ලා අද (14) උද්ඝෝෂණයක් පැවැත්වීමෙන් අනතුරුව, විදුහල්පතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණයකට අනුව කටයුතු කිරීම පිණිස විදුහලෙන් නික්ම ගියේය.

Read More

පූර්ණ විමර්ශනයක් සිදු කොට SLIIT ආයතනය නැවත මහපොළ මගින් පරිපාලිත ආයතනයක් කිරීමට නෛතික පියවර ගන්න - කෝප් කමිටුව නිර්දේශ කරයි

Read More

වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පැවසීය.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 28වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

අයි.සී.සී. ජූනි මාසයේ ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට දකුණු අප්‍රිකාවේ ඒඩන් මාක්‍රම් සමත්ව තිබේ.

Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර ලේකම්වරියක ඇතුළු නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද(14දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉන්දුනීසියාවේ ටැනිබාර් දූපත් කලාපයේ වෙරලට ආසන්න​යේ රික්ටර් මාපක 6.7ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන තිබේ.

Read More

අමාත්‍යාංශ ලේකම්වරුන් සිව් දෙනෙකුගේ පත්කිරීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය පසුගියදා (09) හිමිවිය.

Read More

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා තේරී පත්විය.

Read More

මහින්ද රාජපක්ෂ වගේ දේශපාලන නායකයෙක් යලි බිහිවන්නේ නෑ. එතුමා හිටියා නම් අපේ ආණ්ඩුව තිබ්බ නම් හොදයි කියල දැන් ජනතාව කියනවා. අපේ ආණ්ඩුව තිබ්බ නම් තවම නාකි මයිනා කියනවා. නාමල් ට පොඩි මයිනා කියනවා. ජනතාව බලන්නේ සාපෙක්ෂව. දැන් පේනව මහින්ද රාජපක්ෂ ගේ වටිනාකම .

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන කෙහෙල් බද්දර පද්මෙ සහ කමාන්ඩෝ සලින්ත මැලේසියාවේදී අත්අඩංගුවට ගත් බවට නිළ වාර්තාවක් පොලීසියට නොලැබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පැවසීය.

Read More

පසුගිය මාසයේ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරයකදී ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සුළු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Read More

බංග්ලාදේශයට එරෙහි දෙවන විස්සයි 20 තරගය පරාජයේ වගකීම කණ්ඩායමක් ලෙස සියලු දෙනාටම පැවරෙන බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසීය.

Read More

මෙම වසරේ ජනවාරි 01වැනිදා සිට ජූලි 13 වැනිදා දක්වා වෙඩි තැබීම් 68ක් සිදුව ඇති බවත්, ඉන් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පැවසීය.

Read More

ලොවින් වඳව ගොස් ඇති බවට සැකකල Orchidaceae පවුලට අයත් මෙරටට ආවේණික උඩවැඩියා විශේෂයක් වන Vanda thwaitesii නම් ශාක විශේෂය වසර 160කට පසු නකල්ස් ප්‍රදේශයෙන් නැවත සොයාගෙන තිබේ.

Read More

සීතාවක ප්‍රාදේශීය සභාව ඇතුළු ප්‍රාදේශීය සභා කිහිපයක සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද(14දා) තීන්දු කෙරිණි.

Read More

රක්ෂිත බන්ධනාගාර ගත සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දැඩි කොන්දේසි මත ඇප මත මුදාහැරීමට අද (14) කොළඹ ප්‍රධාන මහාධිකරණ නියෝග කෙරිණි.

Read More

කොළඹ ජාතික රෝහලට කල් ඉකුත් වූ හා කල් ඉකුත් විමට ආසන්න රුපියල් මිලියන විසිපහකට අධික වටිනාකමකින් යුත් රසායනාගාර ප්‍රතික්‍රියක මිලදී ගෙන තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සමිති සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.