හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩු හතරක තීන්දුව ලබන අප්‍රේල් මස 30 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කර තිබෙනවා.
2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින්, එම ආයතනයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ සරණ ගුණවර්ධනට එරෙහිව මෙම නඩු ගොනු කර තිබුණා. (IJ)